What's happening?

Video Sources 307 Views Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Predator: Killer of Killers 2025 Sinhala Subtitles | මාරයන්ගෙත් මාරයා! [සිංහල උපසිරසි] (18+)

Predator: Killer of Killers 2025 Sinhala Subtitles | මාරයන්ගෙත් මාරයා! [සිංහල උපසිරසි] (18+)

The hunt begins.Jun. 05, 2025USA85 Min.R
Your rating: 0
7 1 vote

Synopsis

මුලින්ම කියන්න ඕනේ මේක ඇනිමේටඩ් ෆිල්ම් එකක්, ඒක නම් කට්ටිය දන්නවා ඇතිනේ. අනිත් එක තමයි ගොඩක් අය හිතන් ඇත්තේ මේක ඇන්තොලොජියක් කියලා, ඒ කියන්නේ වෙනස්ම කතා ටිකක්(මේකෙ නම් තුනයි) ඇතුලත් එක කතාවක්. ඒ කතා ටික එකට සම්බන්ධ වෙන්නෑ, වෙනස්ව යන්නේ. අන්න එහෙම ඇන්තොලොජි ෆිල්ම් එකක් කියලනේ ඔයාල මේක හිතන් ඉන්නේ? ඔව්, ඉතින් මේක ඔෆීශියලිම ඇන්තලොජියක් කියලනේ නිකුත් වුණේ. ඇත්තටම මේක එහෙම එකක්ද? ඔව්, ඇත්තටම ඒ ප්‍රශ්නෙට උත්තරේ ඔව්… සහ නෑ. මොකක්?! මොනාද කියවන්නේ මනුස්සයෝ කියලා හිතනවද දැන් ඔයාලා?.. හරි හරී මෙහෙමයි, ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න අමාරුයි මේකෙදි, ඒ ඇයි කියලා මං කියන්නෑ. මොකද ඒකයි නියම ප්‍රශ්නේ ඔයාලා කුතුහලයෙන් ඉදලා හොයාගන්න ඕන කරන!

හරි එහෙනම් මං මේකෙ කතා තුනේ ස්වභාවෙ ගැන ටිකක් කියන්නම්කෝ තව ටිකක් පැහැදිලි වෙන්න. මේකේ මුල්ම කතාව දිව යන්නේ වයිකිංවරු වටායි, පළිගැනීමක් පිළිබඳ සිද්ධියක්. දෙවෙනි කතාව යන්නේ ජපානයේ සමුරායි නිවුන් සහෝදරවරු දෙන්නෙක් වටායි, රන්ඩු ආරවුලක් පිළිබඳ සිද්ධියක්. තුන් වෙනි කතාව යන්නේ දෙවන ලෝක යුද්ධය වටායි, පියාඹන්න හීන දකින ධෛර්යමත් ගුවන් නියමුවෙක් පිළිබඳ සිද්ධියක්. එකිනෙකට හාත්පසින් වෙනස්, වෙනස්ම කාල රාමු තුනක්නේ? එහෙනම් ලොවෙත් ඇන්තොලොජියක් තමා. ඔව්, එහෙම තමයි හැබැයි එහෙමත්ම නෙමේ.. ඔන්න ඔන්න ආයෙත් විකාර කරනවානේ. හරි හරි, ඒක ඔයාලට භාරයි, මේක හරියටම ඇන්තොලොජියක් නොවෙන්නේ කොහොමද කියනේක හොයාගන්න.

මේක අධ්‍යක්ෂණය කරන්නේ අපි කවුරුත් හොඳින් දන්නා මීට කලින් ආපු ප්‍රෙඩටර් Prey (2022) චිත්‍රපටය අධ්‍යක්ෂණය කෙරූ Dan Trachtenberg මහතා විසින්. මේ වර්ශයේ ඉදිරියේදී නිකුත් වීමට නියමිත ප්‍රෙඩටර් ලයිව් ඇක්ශන් චිත්‍රපටය, Predator: Badlands චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙත් මෙතුමාම තමයි. ආයෙ කියන්න ඕනේ නෑ මෙතුමා නම් ප්‍රෙඩටර් චිත්‍රපටම හදන්න ඉපදුන කෙනෙක්. මොකද මේ ඇනිමේටඩ් චිත්‍රපටයත් ප්‍රේ එක වගේම සුපිරියට හදලා තියෙනවා. ඉතින් ඉදිරියේදී නිකුත් වීමට නියමිත බෑඩ්ලන්ඩ්ස් චිත්‍රපටය ගැනත් බයක් නෑ. ඒ වගේම මේකට මේ වෙද්දි IMDb දර්ශකේ 7.9 ඉතාමත් ඉහල අගයකුත් කුණු තක්කාලි 97% ඉතාමත් නැවුම් ප්‍රතිශතයකුත් ගන්න හැකිවෙලා තියෙනවා.

කොහොම හරි මේක නිකුත් වුණේ නම් ජූනි හය වෙනිදා HULU සහ ඩිස්නි ප්ලස් ස්ට්‍රීමින් සර්විස්වලට, කෙලින්ම ප්‍රේ චිත්‍රපටයට සම්බන්දයි කියලා කියවෙන චිත්‍රපටයක් විදිහටයි. මේකට හඩ දායකත්වෙන් සම්බන්ධ වෙනවා Lindsay LaVanchy / Louis Ozawa Changchien / Rick Gonzalez / Michael Biehn වැනි අය.

එහෙනම් ඔච්චරයි ප්‍රධාන වශයෙන් චිත්‍රපටය ගැන කියන්න තියෙන්නේ ස්පොයිල් නොවෙන විදිහට. හැබැයි අන්තිමේදි ඔයාලා පුදුම වෙයි දකින දේට. ඒවටත් ලෑස්ති වෙලාම බලන්න එහෙනම්.

Original title Predator: Killer of Killers
IMDb Rating 7.4 58,007 votes
TMDb Rating 7.822 1,101 votes

Director

Cast

Lindsay LaVanchy isUrsa (voice)
Ursa (voice)
Louis Ozawa isKenji / Kiyoshi (voice)
Kenji / Kiyoshi (voice)
Rick Gonzalez isTorres (voice)
Torres (voice)
Michael Biehn isVandy (voice)
Vandy (voice)
Doug Cockle isEinar (voice)
Einar (voice)
Damien C. Haas isAnders (voice)
Anders (voice)
Lauren Holt isFreya (voice)
Freya (voice)
Jeff Leach isIvar (voice)
Ivar (voice)
Cherami Leigh isYoung Ursa (voice)
Young Ursa (voice)
Alessa Luz Martinez isDelgado (voice)
Delgado (voice)

Similar titles

Lal Salaam 2024 Sinhala Subtitles | “ ජලාලී…. ජලාලී…. ” | සිංහල උපසිරැසි සමඟ
Wellwood 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lokah Chapter 1: Chandra 2025 Sinhala Subtitles | “යක්ෂි” | සිංහල උපසිරැසි සමඟ
Elio (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wanted 2025 Sinhala Subtitles | සහෝදරත්වය, ද්‍රෝහීවීම සහ පළිගැනීම සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – The Final Reckoning 2025 Sinhala Subtitles | “මිනිසුන් නොමැති ලොවක්” | සිංහල උපසිරැසි සමඟ
Primitive War 2025 Sinhala Subtitles | “ ඩයිනොසෝර් වික්‍රමය ” | සිංහල උපසිරැසි සමඟ
Iron Man 2 2010 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rony – The Ruler 2024 Sinhala Subtitles | “ රොනී – ද රූලර් ” | සිංහල උපසිරැසි සමඟ
Off the Grid 2025 Sinhala Subtitles | “මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ
Maze Runner: The Death Cure 2018 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ip Man 2008 Sinhala Subtitles | “ බෲස් ලීගේ ගුරා ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published