
(Mission: Impossible – The Final Reckoning (2025) Sinhala Subtitles) (Mission: Impossible – The Final Reckoning (2025) Sinhala Subtitle) (Mission: Impossible – The Final Reckoning (2025) Sinhala Sub) (Mission: Impossible – The Final Reckoning Sinhala Subtitles) (Mission: Impossible – The Final Reckoning Sinhala Subtitle) (Mission: Impossible – The Final Reckoning Sinhala Sub)
කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටියක් එනකල් ආසාවෙන් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. තවත් එක් සුපිරි චිත්රපට මාලාවක අවසානය තමයි මේ චිත්රපටයෙන් සනිටුහන් වෙන්නේ. මගේ අදහස නම් මේ වගේ සුපිරි චිත්රපට මාලාවක් ආයේ නිර්මාණය වෙන්නේ නැතිවේවී.
ඔව්, මේ සුපිරි ක්රියාදාම නලු ටොම් කෲස් ප්රධාන රංගනයෙන් දායක වෙන Mission: Impossible චිත්රපට මාලාවේ අවසාන එහෙමත් නැත්නම් 8වෙනි චිත්රපටිය වෙන Mission: Impossible – The Final Reckoning (2025).

හරි අපි අලුත්ම චිත්රපටිය ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් Mission: Impossible චිත්රපට මාලාව සහ ඒ සම්බන්ධ තොරතුරු ටිකක් බලමු.
Mission: Impossible කියන්නේ ඇමරිකානු රචකයෙක්, අධ්යක්ෂකවරයෙක් වුණු Bruce Geller විසින් නිර් මාණය කරපු ටිවිසීරිස් එකක්. 1966 අවුරුද්දේදී විකාශනය පටන්ගත්ත සීරීස් එක සීසන් 7ක් දක්වා විකාශනය වුණා. ඒ වගේම 1988දී ආයෙත් සීසන් දෙකකට අලුත් වුණා. ඒක තමයි Mission: Impossible වල මුල්ම පටන්ගැන්ම වුණේ.
ඒ සිරීස් එකේ අභාෂයෙන් තමයි අපි දන්න මේ Mission: Impossible චිත්රපට මාලාව 1996දී ටොම් කෲස්ගේ ප්රධාන රංගනයෙන් Paramount ආයතනය අපිට අරගෙන ආවේ. අවුරුදු 30ක් තුළ චිත්රපටි 8ක්, විනාඩි 1103ක් පුරාවට ධාවනය වුණු චිත්රපට මාලාවේ සම්පූර්ණ බජට් එක ඩො.බි 1.5ක් සහ ආදායම ඩො.බි 4.8ක්. සිනමාවේ සාර් ථකම චිත්රපට මාලා වලින් එකක්.

Mission: Impossible (1996)
Mission: Impossible 2 (2000)
Mission: Impossible III (2006)
Mission: Impossible – Ghost Protocol (2011)
Mission: Impossible – Rogue Nation (2015)
Mission: Impossible – Fallout (2018)
Mission: Impossible – Dead Reckoning Part One (2023)
Mission: Impossible – The Final Reckoning (2025)
දැන් අපි Mission: Impossible – The Final Reckoning (2025) අලුත් චිත්රපටය දිහාවට එමු.
මේක 2023 නිකුත්වුණු Mission: Impossible – Dead Reckoning Part One චිත්රපටියේ දෙවෙනි කොටස විදිහටයි එන්නේ. කතාව ඒ ඉවරවුණු තැනින් තමයි පටන්ගන්නේ. ඒ නිසා මුලින්ම 2023 චිත්රපටය බලපු නැති අය මෙතනින් ගිහින් ඒක බලලා එන්න.
සුපුරුදු විදිහට Action/Thriller ගණයට වැටෙන චිත්රපටිය අධ්යක්ෂණය කරන්නේ Christopher McQuarrie. ඔහු Rogue Nation එකේ ඉඳලා අධ්යක්ෂක විදිහට වැඩ කරනවා. චිත්රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 49ක් වෙනවා වගේම බෙදාහරින්නේ Paramount Pictures ආයතයනය. ඩො.මි. 300කට ආසන්න වියදමින් නිර් මාණය කරපු චිත්රපටය මේ වෙද්දී ඩො.මි 600කට අධික වාර් තාගත ඉහළ ආදායමක් අරන් තියෙනවා. චිත්රපටයේ ප්රධාන චරිත නිරූපණය කරන්නේ Tom Cruise, Hayley Atwell, Ving Rhames,Simon Pegg,Henry Czerny, Angela Bassett ඇතුළු නළු නිලියන් පිරිසක්.
චිත්රපට මාලාව මුල ඉඳලා බලපු කෙනෙක් නම් ඔයා දන්නවා හැම චිත්රපටියක්ම එක්කෝ චරිතයකින් නැත්නම් සිද්ධියකින් එකිනෙකට සම්බන්ධ වෙනවා. මේ අවසාන චිත්රපටියෙදි අපිට ඒක ලස්සනට දකින්න පුලුවන්. අනිත් චිත්රපටි ටිකේ වගේ නෙවෙයි මේකෙදී පළවෙනි චිත්රපටියේ ඉඳලා හැම එකක්ම ආයෙත් මතක් කරන දර් ශන ගොඩක් අපිට පෙන්නනවා. පෙන්නලා මේ තමයි සුපිරි චිත්රපට මාලාවක අවසානය කියලා අපිට මතක් කරවනවා.
ඔයාලා සප්රයිස් වෙන දේවල් කීපයක්ම මේකෙදි දකින්න පුලුවන්. ඒ චරිත වලින් සහ කතාව සම්බන්ධ කරන විදිහෙන්. කවුරුහරි මගෙන් ඇහුවොත් කොහොමද චිත්රපට මාලාව ඉවර කරන්න තියෙන හොඳම විදිහ කියලා, මං එයාලට කියනවා Mission: Impossible – The Final Reckoning (2025) බලලා ඒක ඉගෙනගන්න කියලා. මට නම් ඒ තරමටම සැටිස්, පර්ෆෙක්ට් අවසානයක් දුන්නා.
හැමෝම වගේ දන්නවා මේකේ ප්රධාන හතුරා වෙන්නේ එන්ටිටි කියලා හඳුන්වන AI එකක් කියලා. එක තැනකදි ග්රේස් කියනවා “අපිට බැරිද මේ AI එක විනාශ නොකර ඒකෙන් ප්රයෝජනයක් ගන්න” කියලා. එතකොට හන්ට් කියන්නේ “මේ තරම් ලොකු බලයක් පාලනය කරන්න තරම් ඔයා කාවහරි විශ්වාස කරනවද” කියලා. ඒකට ග්රේස්ගේ උත්තරය වෙන්නේ “ඔව්, ඒ ඔයා හන්ට්” කියලා. ඔව් ලෝකය වෙනුවෙන් ජීවිතය පූජා කරන්න ලෑස්තියෙන් ඉන්න හන්ට් ඇරෙන්න වෙන කෙනෙක් නෑ ඒකට සුදුසු. ඉතින් කතාව අවසානයෙත් කණ්ඩායමේ ඒ විශ්වාසය ඒ විදිහටම ඔප්පු වෙනවා.
ඉතින් මං කතාව කියන්න යන්නේ නෑ. තවත් විශිෂ්ට නිර් මාණයක අවසානය ඔයාලගේ ඇස් දෙකෙන්ම බලන්න කියලා ඉල්ලනවා.

