What's happening?

Video Sources 165 Views Report Error

  • Watch trailer
  • Player 1
Enola Holmes 2020 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Enola Holmes 2020 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mystery runs in the family.Sep. 23, 2020USA123 Min.PG-13
Your rating: 0
7 1 vote

Synopsis

Enola Holmes 2020 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය එනෝලා ගැන වැඩිය අහලත් නැතුව ඇති නේද? BBC ඔස්සෙ විකාශය වුන Sherlock කතාමාලාව තුල නම් වතාවක් ෂර්ලොක්ගෙ සහෝදරියව පෙන්නුවා. ඒත් අද අරං ආව චිත්‍රපටයෙ පැතිකඩයෙන්ම පෙන්නන්න තරම් නිර්මාණයක් බිහිවුනේ නැහැ දන්නා තරමින්.

Enola Holmes | නවකතාව

මූලිකවම කිව්වොත් Enola Holmes චිත්‍රපටය නිර්මාණයට පාදක වෙන්නෙ 2006 සිට 2010 කාලය දක්වා Nancy Springer කියන ඇමරිකානු රචකාවිය යටතේ “The Enola Holmes Mysteries” නම යටතේ නිකුත් කල නවකතා ඇසුරින්. චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ හරියටම කීවෙනි පොතද කියලා සදහනක් නම් නැහැ. හැබැයි Nancy Springer කලින් සදහන් කරපු කාල සීමාව අතරතුර නවකතා හයක් නිකුත් කරනවා.

The Enola Holmes Mysteries නවකතා කිහිපය

The Case of the Missing Marquess
The Case of the Left-Handed Lady
The Case of the Bizarre Bouquets
The Case of the Peculiar Pink Fan
The Case of the Cryptic Crinoline
The Case of the Gypsy Goodbye

ඔය විදිහට තමයි නවකතා ටික නිර්මාණය වුනෙ. මේ විදිහට නිකුත් වුන නවකතා අතරින් පළමු හා පස්වන නවකතා දෙක “යෞවනයෙ හොදම අභිරහස් නවකතා’ වෙනුවෙන් 2007 හා 2010 වසරවල් වලදී Edgar සම්මාන උළෙල වෙනුවෙන්ද නිර්දේශ වෙලා තියෙනවා.

Enola Holmes | සිනමාපටය

2019 වසරේදී කල නිවේදනයත් එක්ක, Enola Holmes චිත්‍රපටය Netflix ඔස්සෙ නිකුත් 2020 සැප්තැම්බර් 23’වැනිදා. හැබැයි මේක නිකුත් වෙන්න තිබුනෙ මේ විදිහට නම් නෙවෙයි. Warner Bros. Pictures යටතේ බෙදාහැරීම සිදු කරන සිනමාශාලා තුල තිරගත කිරීමක් වෙනුවෙන් තමයි සුදානම් කරලා තිබුනෙ. හැබැයි මේ වසරේ අප්‍රේල් වලදී Netflix ආයතනය මේ චිත්‍රපටයෙ අයිතිය මිලදී අරගෙන ඔවුන් යටතේ බෙදාහැරීම සිදු කරනවා. හැබැයි ඒකත් Netflix ආයතනයට ලේසියෙන් කරන්න වෙන්නෙ නැහැ. Enola Holmes චිත්‍රපටයෙ Netflix, Legendary Pictures, Penguin Random House සමාගම් වගේම The Enola Holmes Mysteries නවකතා රචනා කල Nancy Springer ඉලක්ක කරගනිමින් ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කිරීම වගේම වෙළද සලකුණ උල්ලංඝනය කිරීම යටතේ Conan Doyle Estate ආයතනය නඩු පැවරීමක් සිදු කරනවා.

මේ විදිහෙ දෙයක් Netflix ආයතනයට සිදුවුන පලවෙනි වතාව මේක නෙවෙයි When They See Us, Black Mirror, Chilling Adventures of Sabrina වගෙ නිර්මාණ Netflix යටතේ නිකුත් කරද්දීත් එයාලට විරුද්ධව නඩු වැටිලා තියෙනවා. කොහොමහරි ඔය වගෙ බාධාක මැද්දෙ මේ වෙද්දී චිත්‍රපටය නිකුත් වෙලා තියෙනවා. ඒ නිකන් නෙවෙයි. චිත්‍රපටය වෙනුවෙන්ම සුවිශේෂී නිර්මාණ කරුවන් බොහෝදෙනෙකුගෙ එකතුවෙන්.

චිත්‍රපටයෙ පෝස්ටර් එක, ට්‍රේලර් එක දැකපු ගමන් දන්නවා ඇති ඉන්නෙ කවුද කියලා. මේ අය අතරේ ප්‍රධානම තැන හිමි වෙන්නෙ Stranger Things කතාමාලාවේ කොයි කාගෙත් ආදරය දිනාගත් “Millie Bobby Brown” මේ චිත්‍රපටයෙ ප්‍රධාන තැනක් ලැබී තිබීමයි. ඒ ඇය විසින් මේ චිත්‍රපටයෙ නිෂ්පාදනයටත් වගේම “එනෝලා හෝම්ස්” කියන ප්‍රධාන චරිතයටත් සම්බන්ධ වී තිබීමයි. චිත්‍රපටයෙ අධ්‍යක්ෂක විදිහට Harry Bradbeer කටයුතු කරලා තියෙනවා. BBC ඔස්සෙ පසුගිය වසරේදී නිකුත් වූ His Dark Materials කතාමාලාවේ කතාංග රචනයත් හා නිෂ්පාදනයත් සදහා කටයුතු කල Jack Thorne යටතේ තමයි මේ චිත්‍රපටයෙ පිටපත ලියවිලා තියෙන්නෙ. මීට අමතරව ජනප්‍රිය චිත්‍රපට රැසක නිර්මාතෘවරුන් වන Mary Parent, Alex Garcia, Paige Brown යන තිදෙනාත් නිෂ්පාදකවරුන් විදිහට කටයුතු කරලා තියෙනවා.

මිලී බොබී බ්‍රවුන්ට අමතරව MoS, The Witcher රංගන ශිල්පී “Henry Cavill” මේ චිත්‍රපටයෙ ෂර්ලොක් හෝම්ස් විදිහට එකතු වී ඇති අතර “Sam Claflin” විසින් මයික්‍රොෆ්ට් හෝම්ස් චරිතයෙන් එකතු වී තිබෙනවා. මීට අමතරව Helena Bonham Carter, Louis Partridge, Adeel Akhtar, Fiona Shaw වැනි ප්‍රසිද්ධ නළු/නිලියන් බොහෝදෙනෙක් මේ සදහා දායකත්වය ලබා දීලා තියෙනවා. පුරා විනාඩි 123 ක් ධාවනය වන මේ චිත්‍රපටය සදහා IMDb දර්ශකයෙ 6.7/10 ක අගයක් වගේම Rotten Tomatoes වෙබ්අඩවියෙ 92% ක ඉහළ ප්‍රේක්ෂක පැසසුමක් ලැබිලා තියෙනවා.

චිත්‍රපටයෙ කතාව ගැන ස්පොයිල් නොවෙන්න කිව්වොත්, ෂර්ලොක්, මයික්‍රොෆ්ට් දෙන්නා නැතිව තමන්ගෙ අම්මා එක්ක ජීවත් වුන එනෝලා හුගක් සතුටින් කාලය ගත කලත් දවසක් එනවා එයාගෙ අම්මා එයාව අතහැරලා දාලා යන. ට්‍රේලර් එකෙන් දකින්න ලැබුනා වගේම එයාගෙ අම්මගෙ අතුරුදහන් වීම හොයන එනෝලට මුහුණ දෙන්න වෙන වික්‍රමාන්විතයන් ගැන තමයි මේ චිත්‍රපටයෙ ඇතුලත් වෙන්නෙ. මේ ඇති කියලා හිතනවා. මොකද ෂර්ලොක් රසිකයන් කියන්නෙ ඒ ඇසුරින් මොන විදිහෙ නිර්මාණයක් එලියට ආවත් ඒ ගැන දෙපාරක් නොහිතා රස විදින අය. ඒ නිසා මේකත් අරගෙන බැලුවට පාඩු නැහැ කියලා වගකීමෙන් කියන්න පුලුවන්.

Enola Holmes 2020 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 2020 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 2020 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 2020 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 2020 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 2020 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 2020 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 2020 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 2020 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 2020 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title Enola Holmes
IMDb Rating 6.6 244,395 votes
TMDb Rating 7.2 6,476 votes

Director

Cast

Millie Bobby Brown isEnola Holmes
Enola Holmes
Henry Cavill isSherlock Holmes
Sherlock Holmes
Sam Claflin isMycroft Holmes
Mycroft Holmes
Helena Bonham Carter isEudoria Holmes
Eudoria Holmes
Louis Partridge isLord Tewkesbury
Lord Tewkesbury
Adeel Akhtar isLestrade
Lestrade
Fiona Shaw isMiss Harrison
Miss Harrison
Burn Gorman isLinthorn
Linthorn

Similar titles

William Tell 2025 Sinhala Subtitles | “ රුධිරයෙන් නැහැවුන දේශය ” | සිංහල උපසිරැසි සමඟ
Superman 2025 Sinhala Subtitles | “ සුපර්මෑන් පෘථිවිය ආක්‍රමණයට?? ” | සිංහල උපසිරැසි සමඟ
Baida 2025 Sinhala Subtitles | “ජීවිතය සහ මරණය” | සිංහල උපසිරැසි සමඟ
Johnny English 2003 Sinhala Subtitles | රිතාන්‍ය බුද්ධි අංශයට සූදානම් වෙන්න | සිංහල උපසිරැසි සමඟ
Undisputed III: Redemption 2010 Sinhala Subtitles | “ බොයිකා ” | සිංහල උපසිරැසි සමඟ
Veera Dheera Sooran: Part 2 2025 Sinhala Subtitles | කැලෑ නීතිය රජ කරන රාත්‍රියක… සිංහල උපසිරැසි සමඟ
Affinity 2025 Sinhala Subtitles | “ සුදු මල් ” | සිංහල උපසිරැසි සමඟ
The Croods: A New Age 2020 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Widow’s Game 2025 Sinhala Subtitles | “වැන්දඹුවකගේ සෙල්ලම” | සිංහල උපසිරැසි සමඟ
RRR 2022 Sinhala Subtitles | “සතුරෙකු හා මිතුරුව..” | සිංහල උපසිරැසි සමඟ
Reckless 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Calendar Killer 2025 Sinhala Subtitles | “කැලැන්ඩර් ඝාතකයා” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published