මේ කොටසෙ වෙන්නේ, මිනීමැරුම වෙලා දවස් තුනකට පස්සේ කතාව. ජේමිව දැන් සැකපිට අත්තඩංගුවට අරන් ඉන්නේ. ඔහුට විරුද්ධව තියෙන්නේ සීසීටීවී කැමරා දර්ශනයක් විතරයි ඔහු ඒක කරනවා. හැබැයි ඒක කරේ ඇයි කියන්න හේතුවක්, ඝාතනය සිදු කරපු අවිය(පිහිය) තාම හොයාගෙන නෑ. මේ වගේ භයානක අපරාදයකට නඩු පවරන්න නම් සීසීටීවී කැමරා දර්ශන විතරක් ප්රමානවත් මදි ඉහත කිව්ව දේවලුත් හොයාගන්න ඕනෙ. ඉතින් මේවා හොයාගන්න හිතන් ජේමීගේ ස්කෝලෙට පොලිස් නිළධාරී බැස්කම්බ් සහ ෆ්රෑන්ක් ගිහින් කෙරෙන විමර්ශනය මෙහිදී අපිට බලාගන්න පුළුවන්. ඊට අමතරව ගොඩක් හොලිවුඩ් ෆිල්ම් වලින් පෙන්නන තරම් ඒ රටවල ස්කෝල විනෝද නෑ කියලත්, ඒ ස්කෝල වල තියෙන අඳුරු පැතිකඩත් මේ කොටසෙදි හොඳට පෙන්නලා තියෙනවා. එහෙනම් ඔයාල බලලාම මේ දේවල් දැනගන්නකෝ.. මෙයාලට ජේමී මේ අපරාදේ කරේ ඇයි කියන චේතනාව වගේම ඝාතන අවියත් හොයාගන්න පුළුවන් වෙයිද කියලා.
මේක ඇවිල්ලා අපෙන් ඔයාලට අවුරුදු තෑග්ගක්. කාලෙකින් Netflix එකට ආපු විශිෂ්ට වැඩක්. IMDb දර්ශකෙත් මනාප 152,000 අධික ප්රමානයකින් 8.3 ඉතාම ඉහල අගයකුත් කුණු තක්කාලි 99% ඉතාමත් ගුණාත්මක ප්රතිශතයකුත් ගන්න මේකට හැකිවෙලා තියෙනවා. මීට වඩා තවත් වැඩි විස්තර අපේ අනිත් සහෝදරවරු එයාලගේ ලිපි වලින් සඳහන් කරලා ඇති, ඒ නිසා මං අමුතුවෙන් ඒවා ගැන ආයෙ මතක් කරන්න යන්නෑ. අනිවාරෙන් නැරඹිය යුතු කතාවක් කියලා විතරක් කියන්නම්, අපි මේකට උපසිරැසි ගෙනාවෙත් ඒ නිසාමයි.