ඔන්න අපි තුන්වෙනි කොටසටත් ආවා. Noh In-ji , Han Jeong-won එක්ක ගිවිසුම් විවාහය දිගටම කරගෙන ගියත් දැන් දැන් සැඟවුණු හැඟීම් වගේම අතීත කම්පන මතුවෙන හැටි මේ කොටසෙදි පෙන්නනවා. ඒ වගේම තමන්ට අහිමි වෙලා ගිය නොඉපදුන දරුවා ගැන Han Jeong-won ගේ දුක වගේම Seo-yeon එක්ක Han Jeong-won ගේ සම්බන්ධකමේ පළුදු වීම ගැනත් දැනගන්න ඔන්න අවස්ථාව ලැබෙනවා.
ඒ වගේම Noh In-ji සහ Han Jeong-won අතර සම්බන්ධයේ විස්වාසය තේරුම්ගැනීම තව ටිකක් ඉස්සරහට යනව වගේම Seo-yeon ගෙ සැබෑ ස්වරූපය ගැනත් මෙතනින් අපූරු පැහැදිලි කිරීමක් කරනවා. කොහොම නමුත් Seo-yeon ගේ චිත්තවේගය පෙන්වමින් කම්පනසහගත හාදුවකින් තමයි කොටස අවසන් වෙන්නේ.