What's happening?

Video Sources 269 Views Report Error

  • Watch trailer
  • Player 01
  • player 02
M3GAN 2022 Sinhala Subtitles | මේගන් [සිංහල උපසිරැසි]

M3GAN 2022 Sinhala Subtitles | මේගන් [සිංහල උපසිරැසි]

She's more than a toy. She's family.Dec. 28, 2022USA102 Min.PG-13
Your rating: 0
9 1 vote

Synopsis

පුංචි ළමයින් වැඩියෙන්ම හිතවත් කාටද? එයාලගේ දෙමව්පියන් සහ පවුලේ අය ඇරුණු කොට? මම නම් හිතන්නේ සෙල්ලම් බඩු වලට. ඒක ඉතින් එයාල ආස කරන සෙල්ලම් බඩුවක් අරන් දුන්නම මූණෙන්ම බලා ගන්න පුළුවන්. සෙල්ලම් බඩු ගැන කතා කරනවා නම් ඉතින් ඒක වෙනමම මාතෘකාවක්. මම පොඩි කාලේ නම් පාවිච්චි කරේ බැටරි දාන, වයින් කරන සහ අතින් තල්ලු කරන සෙල්ලම් බඩු. අද කාලෙත් ඒවා තියනවා. හැබැයි ඊට එහා ගිය දියුණු සෙල්ලම් බඩුත් රටේ ලෝකේ තියනවා. ඒ තරමට සෙල්ලම් බඩු වෙළඳපොළ සංකිර්ණ වගේම දියුණු වෙලා.

හරි මම මුලින්ම කිව්වානේ පුංචි ළමයින් දෙමව්පියන්ට සහ පවුලේ අයට හිතවත් කියලා. එතකොට එයාලට එහෙම අය නැත්නම්, සහ ඒ පාළුව තනිකම නැති වෙන්න එයාලට අරුම පුදුම සෙල්ලම් බඩුවක් ලැබෙනවා නම් ඒ ළමයා සහ සෙල්ලම් බඩුව අතර මොන වගේ බැඳීමක් ඇති වෙයි ද? හිතා ගන්න අමාරුයි නේද? ඔන්න ඔච්චරයි මම මේ චිත්‍රපටයේ කතාව ගැන කියන්නේ. ඔයිට වඩා කියන්නේ මොකටද? බලලම රස විඳින්න පුළුවන්කම තියෙද්දී.

M3gan 2022 චිත්‍රපටයට උපසිරැසි කරන්න මම බලාගෙන හිටියේ ගිය අවුරුද්දේ ඉඳලා. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක දැන්වීම දැක්කම මට කතාව ගැන පුදුම ආසාවක් ඇති උනා. ඒ ආසාව දවසින් දවස වැඩි උනේ M3gan කියන චරිතය බලාපොරොත්තු උනේ නැති විදිහට සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වීමත් එක්ක. ඒ වගේම සමහර වෙබ්අඩවි වලිනුත් M3gan ගැන සැරින් සැරේ අලුත් ආරංචි අරන් ආවා. ලංකාවේ සිනමා ශාලා වල ප්‍රදර්ශනය උනේ නැති උනාට මේ චිත්‍රපටය මේ දවස් ටිකට Box Office වාර්තාවකුත් තියලා ඉවරයි. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 100 ආදායම පහු කරලා. චිත්‍රපටය හදන්න නම් ගියේ ඇමරිකානු ඩොලර් මිලියන 12ක් විතරයි. සාමාන්‍යයෙන් Horror කාණ්ඩයට වැටෙන චිත්‍රපට මෙච්චර ඉක්මනට Box Office ගහනවා හරිම අඩුයි.

M3gan කියන්නේ කෘතිම බුද්ධිය ඒ කියන්නේ Artificial Intelligence තාක්ෂණය භාවිතා කරලා හදපු නිර්මාණයක් නේ. Model 3 Generative Android කියන එක කෙටි කරලා තමයි මේ M3gan කියන නම හැදිලා තියෙන්නේ. සෙල්ලම් බඩුවක් කිව්වාට මේ නිර්මාණයට ඇත්තටම රොබෝ කෙනෙක් කිව්වත් හරි. කෙනෙකුගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන්, කෙනෙක්ට හිතවත් වෙන්න පුළුවන්, ඒ වගේම කෙනෙක් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන් චරිතයක් තමයි M3gan කියන්නේ. ඇත්තටම මේ චිත්‍රපටය මට පෙනුනේ ලෝකප්‍රකට Child’s Play සහ Artificial Intelligence කියන චිත්‍රපට දෙකේ සංකලනයක් විදිහටයි.

දැන් එතකොට Artificial Intelligence සෙල්ලම් බඩු ලෝකයේ නැද්ද? නැහැ නෙමෙයි තියනවා. මේ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ නොයෙක් දේවල් කියලා තියනවා. හැබැයි මගේ හිතට වැදුණු සෙල්ලම් බඩුවක් තියනවා. ඒ Tiger Electronics සමාගම 1998 අවුරුද්දේ මුල් වරට නිෂ්පාදනය කරපු Furby. මේ Furby වගේම සෙල්ලම් බඩුවක් ඔයාලට M3gan චිත්‍රපටයෙත් දකින්න පුළුවන්. අපි ගොඩ දෙනෙක් දන්නේ නැති උනාට Furby සෙල්ලම් බඩුව generation තුනක් යටතේ නැවත නැවත එළි දක්වලා තියනවා. මේ Furby ට භාෂා 24 ක් කතා කරන්න පුළුවන්ලු. ඒ කියන්නේ භාෂා 24ක් යටතේ මේ Furby ව හදලා තියනවා. පල්ලෙහා ඉන්නේ Furby. ඒ වගේම එයා කතා කරපු සමහර වචන ඒවායේ තේරුම එක්ක මම පල්ලෙහා දාලා තියනවා.

wee-tah-kah-loo-loo: Tell me a joke.
wee-tah-kah-wee-loo: Tell me a story.
wee-tee-kah-wah-tee: Sing me a song.
u-nye-loo-lay-doo? Do you want to play?
u-nye-ay-tay-doo? Are you hungry?
u-nye-boh-doo?: How are you?
u-nye-way-loh-nee-way: Go to sleep now.
u-nye-noh-lah: Show me a dance.
doo? What?
doo-dah: Yes.
boo: No
yoo? Why will you not play with me today?

එහෙනම් ආපහු M3gan පැත්තට හැරෙමු. චිත්‍රපටයේ ප්‍රධාන චරිත ගැන කතා කරොත් මුලින්ම කියන්න වෙන්නේ M3gan ගැන නේ. M3gan චරිතයට තුන් දෙනෙක් සම්බන්ධ වෙලා තියනවා කියලා ඔයාලා දන්නවද? ඒ Amie Donald, Jenna Davis සහ Kimberley Crossman. Amie Donald චිත්‍රපටයේ M3gan ට පණ පොවන කොට Jenna Davis සහ Kimberley Crossman විසින් M3gan ට හඬ දායකත්වය සපයලා තියනවා. ඊළඟට කතාවේ හුරතල් කෙල්ල කේඩි විදිහට රඟපාන්නේ Violet McGraw. එතකොට එයාගේ පුංචි අම්මා ජෙමාට ඉන්නේ Allison Williams. ඒ වගේම M3gan නිෂ්පාදනය කරපු Funki සමාගමේ වැඩ කරන කෝල් (Brian Jordan), ටෙස් (Jen Brown) සහ ඩේවිඩ් (Ronny Chieng) සෙසු ප්‍රධාන චරිත විදිහට පෙන්වා දෙන්න පුළුවන්. චිත්‍රපටය නිර්මාණයේදී ගත්ත ඡායාරූප කිහිපයක් තමයි පල්ලෙහා දාලා තියෙන්නේ.

M3gan චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ Gerard Johnstone. කතාව ලියලා තියෙන්නේ Akela Cooper සහ James Wan. මේ James Wan තමයි ඔයාලා හැමෝම වගේ දන්න Annabelle චිත්‍රපටය නිෂ්පාදනය කරේ. චිත්‍රපටය බෙදාහැරීම කරේ Universal Pictures සමාගම. ජනවාරි 6 තිරගත වූ M3gan ට මේ වෙනකොට 6.5ක IMDb අගයකුත් 94%ක Rotten Tomato අගයකුත් ලැබිලා තියනවා.

A brilliant toy company roboticist uses artificial intelligence to develop M3GAN, a life-like doll programmed to emotionally bond with her newly orphaned niece. But when the doll’s programming works too well, she becomes overprotective of her new friend with terrifying results.

M3GAN 2022 Sinhala Subtitles | මේගන් [සිංහල උපසිරැසි]
M3GAN 2022 Sinhala Subtitles | මේගන් [සිංහල උපසිරැසි]
M3GAN 2022 Sinhala Subtitles | මේගන් [සිංහල උපසිරැසි]
M3GAN 2022 Sinhala Subtitles | මේගන් [සිංහල උපසිරැසි]
M3GAN 2022 Sinhala Subtitles | මේගන් [සිංහල උපසිරැසි]
M3GAN 2022 Sinhala Subtitles | මේගන් [සිංහල උපසිරැසි]
M3GAN 2022 Sinhala Subtitles | මේගන් [සිංහල උපසිරැසි]
M3GAN 2022 Sinhala Subtitles | මේගන් [සිංහල උපසිරැසි]
M3GAN 2022 Sinhala Subtitles | මේගන් [සිංහල උපසිරැසි]
M3GAN 2022 Sinhala Subtitles | මේගන් [සිංහල උපසිරැසි]
Original title M3GAN
IMDb Rating 6.3 179,915 votes
TMDb Rating 7.035 4,685 votes

Similar titles

Mira (Last Signal) 2022 Sinhala Subtitles | රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පල | සිංහල උපසිරැසි සමඟ
Immortal Combat 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fear Street: Prom Queen 2025 Sinhala Subtitles | ”භීතියේ මාවත: ප්‍රොම් රැජින” | සිංහල උපසිරැසි සමඟ
Primitive War 2025 Sinhala Subtitles | “ ඩයිනොසෝර් වික්‍රමය ” | සිංහල උපසිරැසි සමඟ
The Conjuring: Last Rites 2025 Sinhala Subtitles | “ ජූඩි පසුපස ආ යක්ෂයා ” | සිංහල උපසිරැසි සමඟ
The Whistler 2026 Sinhala Subtitles | සොහොන් බිමක ඇසෙන අද්භූත විසිල් හඬ! සිංහල උපසිරැසි සමඟ
Invasion 2020 Sinhala Subtitles | පිටසක්වලින් පැමිණි කෘතිම බුද්ධිය | සිංහල උපසිරසි සමග
Pacific Rim 2013 Sinhala Subtitle | සිංහල උපසිරැසි
Baida 2025 Sinhala Subtitles | “ජීවිතය සහ මරණය” | සිංහල උපසිරැසි සමඟ
Rabbit Trap 2025 Sinhala Subtitles | “ තනිවුණු හාවා ” | සිංහල උපසිරැසි සමඟ
Mercy 2026 Sinhala Subtitles | “ මර්සි නඩු විභාගය ” | සිංහල උපසිරැසි සමඟ
Robert 2015  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published