What's happening?

Video Sources 172 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Terminator: Dark Fate 2019 Sinhala Subtitles|අනාගතයට එරෙහිව|සිංහල උපසිරැසි සමග

Terminator: Dark Fate 2019 Sinhala Subtitles|අනාගතයට එරෙහිව|සිංහල උපසිරැසි සමග

Welcome to the day after judgement dayOct. 23, 2019USA128 Min.R
Your rating: 0
10 1 vote

Synopsis

Terminator: Dark Fate 2019 Sinhala Subtitles|අනාගතයට එරෙහිව|සිංහල උපසිරැසි සමග

erminator: Dark Fate කියන්නේ Production company’s  Paramount Pictures Skydance Media 20th Century Fox Tencent Pictures Lightstorm Entertainment TSG Entertainment මේ විදිහට productions company’s පහක එකතු වීමෙන් නිර්මාණය වුන හොලිවුඩ් චිත්‍රපටයක්.

ඒ වගේම මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරු Tim Miller , Screenplay එක නිර්මාණය කරලා තියෙන්නේ David Goyer, Justin Rhodes සහා Billy Ray Stallone නම් රැම්බෝ තමයි මතක් වෙන්නේ ඒ වගේම තමයි Arnold නම් Terminator තමයි ඉස්සෙල්ලාම මතක් වෙන්නේ. ඒ නිසාම තමයි බලන්න ගියේ . බැලුවට මොන වගේ Review එකක්ද දෙන්නේ කියලා තේරෙන්නේ නෑ.

මට තේරුන විදිහට මම කියන්නම් 

2042 එකේ ඉදන් එක කෙල්ලෙක් තව කෙල්ලෙක් ව බේර ගන්න එනවා, ඒ දේට සාරා සහා T 800 උදව් කරනවා. 

දෙවෙනි කොටසේ Arnold ඒ කියන්නේ T 800 අනාගතයේ ඉදන් ඇවිල්ලා John connor ව බේර ගන්නවා. තුන්වෙනි කොටසේ Terminator rise වෙනවා වගේ පෙන්නුම් කරනවා. දැන් මේ Terminator: Dark Fate එකෙත් T 800 ඉන්නවා ඒ වගේම සාරා ත් ඉන්නවා හැබැයි දෙන්නම හතුරො… ඒ කියන්නේ ඔයා Trailer එක බැලුවොත් ඒක තේරුම් ගන්න පුළුවන්, සාරා T 800 ව මරන්න හදනවා ඒ ඇයි කියලා චිත්‍රපටය බැලුවොත් තමයි දැන ගන්න පුළුවන් වෙන්නේ. මම කිව්වොත් spoil වෙලා යයි.

Salvation බලපු නිසාද මන්දා Dark Fate එකේ විශුවල්ස් ඒ තරම් ඩීප් එකට පෙන්නුම් වෙන්නේ නෑ, ඒ කියන්නේ බලනකොට ඒ තරම් ගතියක් දැනෙන්නේ නෑ. Salvation එකේ ස්කයිනයිට් රයිස් වෙන විදිහ ඒකට විරුද්ධව සටන් කරන ජනතාව, මේ විශුවල්ස් ඔක්කොම Salvation එකේ high level එකකින් පෙන්නුම් කරලා තියෙනවා. John connor ගේ චරිතය පෙන්නුම් කල විදිහ ගොඩක් ඉහලින් තිබ්බා, හැබැයි Dark Fate එකේ ඒ තරම් ගතියක් නෑ. සමහරක් විට බලලා පුරුදු දෙයක් නිසා වෙන්නැති. ගොඩක් දුරට මම, බලපු දේටත් වඩා ඉහලින් දෙයක් තමයි බලාපොරොත්තු වුනේ Dark Fate එකෙන්.

අනාගතයේ ඉදන් එන ඒ කෙල්ල පොඩි සීන් එකක දී update වුන Terminators ගැන හිතලා බලනවා., ඒ වගේ පොඩි දෙයක් තියෙනවා, අන්න ඒ විශුවල්ස් උපරිම high level එකකින් තියෙනවා. ඒ විශුවල් එකේ පෙන්නුම් කරන Terminators ව බලනකොට ඔයාම පුදුම වෙයි.

2042 එකට පස්සේ Terminators ගොඩක් Advance එකෙන් ඉන්නවා, ඒනම් මේක ස්කයිනයිට් රයිස් එකෙන් පස්සෙ ද කියලා ඇහුවොත්. මේක ස්කයිනයිට් රයිස් නෙමෙයි මේක ලීඡන්.

1991 තිරගත වුන Judgment Day කියන චිත්‍රපටය Arnold Schwarzenegger ගේ චිත්‍රපට වලින් බැලුවොත්, Judgment Day කියන චිත්‍රපටය ඉහල තැනක තමයි අදටත් තියෙන්නේ. ඒකට හේතුව ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරු James Cameron. ඒ දවස් වලම Judgment Day කියන චිත්‍රපටය 500 million පහු කලා. හැබැයි දැන් තිරගත වෙන චිත්‍රපටයක් 5 Million පහු වෙන්නත් ලොකු කට්ටක් කන්න ඕනේ. හැබැයි ඒ දවස් වල James Cameron අධ්‍යක්ෂණයේ ලෙවල් එකද මන්දා Judgment Day කියන චිත්‍රපටය අදටත් හොලිවුඩ් සිනමාවේ එක තැනක රැදී තියෙනවා. ඒ වගේම ඒ තැන පලවෙනි සහා දෙවෙනි කොටසට තමයි තියෙන්නේ., දෙවනි කොටසෙන් පස්සේ නිර්මාණය වුන චිත්‍රපටි ඔක්කොම James Cameron ගෙන් Rights අරගෙන නිර්මාණය වුන චිත්‍රපටි. හැබැයි ඒ චිත්‍රපට ඒ තරම් ගතියක් තිබුනේ නෑ. Arnold Schwarzenegger හිටියට James Cameron තරම් Arnold Schwarzeneggerව ඒ චිත්‍රපට වලින් පෙන්නුම් කලේ නෑ.

හැබැයි මේ Terminator: Dark Fate චිත්‍රපටයේ Producer සහා side Supporting එක James Cameron තමයි කරලා තියෙන්නේ.. ඒ නිසාම කොයිදෝ එක පැත්තකින් සමාන දෙයක් තමයි පෙන්නුම් වෙන්නේ, තවත් පැත්තකින් බැලුවොත් සාරා සහා T 800 චරිත වලින් James Cameron ගේ ලෙවල් එකත් පෙන්නුම් වෙනවා… මම හිතන විදිහට James Cameron ඒ චරිත දෙකට ලොකු කැපකිරීමක් දිලා තියෙනවා. හැබැයි new team එක මැදින් පැනලා ටිකක් විතර අවුල් කරලා.

Terminator: Dark Fate චිත්‍රපටය Judgment Day එකෙන් පස්සේ වෙන දෙයක් විදිහට තමයි පෙන්නුම් වෙලා තියෙන්නේ… ඒ කොමද කියලා කිව්වොත් spoiler වෙයි.

Judgment Day එකේ අනාගතයේ ඉදන් John connor ව මරන්න සහා බේර ගන්න Terminators දෙන්නෙක් එනවා. T 800 සහා සාරා එකතු වෙලා John connor ව බේර ගන්නවා. ඒ වගේම සීන් එකක් තමයි Dark Fate එකේ වෙන්නේ, හැබැයි මේකේ T 800 වෙනුවට බේර ගන්න එන්නේ කෙල්ලෙක්. එයා ඇවිල්ලා 50%ක් රොබෝ කෙනෙක් ඉතුරු 50 මනුස්සයෙක්.

කොච්චර Fantasy screenplay එකක් තිබුනත්, කවුරු උනත් පැය දෙකක් Fantasy එකෙන්ම බලන්න අහස කරන්නේ නෑ. ටික ටික screenplay එක slow වෙන්න ඕනේ කියලත් හිතනවා. ඒ වගේම screenplay එක slow කරනවා නම් ඒකට පොඩි අර්ථයක් තියෙන්න ඕනේ. Dark Fate එකේ screenplay එක emotional එකෙන් ටික ටික slow කරලා තියෙනවා. ඒ දේ හරියට වැඩ කරලත් තියෙනවා. 

තමන්ගේ පුතාගේ පින්තූරයක් වත් තමන් ගාව නෑ. වයසට යන නිසා පුතාගේ මූණ ටික ටික අමතක වෙලා යනවා කියලා මව දුක් වෙනවා.

අන්න ඒ වගේ emotional සීන්ස් වලින් screenplay එක ටිකක් slow කරලා තියෙනවා. හැබැයි screenplay එක slow වෙනවා කියලා කම්මැලි ගතියක් දැනෙන්නේ නෑ. ඒකට හේතුව emotional සීන්ස් උපරිම ඉහලින් නිර්මාණය කරලා තියෙනවා.

Note: මේ චිත්‍රපටය 18 පහළ අය බලන්න එපා කියලා තදින් කියලා ඉවරයි. හේතුව Dialogues…

මට තියෙන පරශ්නයක් තමයි, දැන් ඉතින් ඉදිරියේදී Terminators චිත්‍රපට නිර්මාණය වෙයිද කියලා දන්නේ නෑ හැබැයි වුනොත් හොදයි. ඒ වුනාට මේ universe එකට අදාල වෙන විදිහට නිර්මාණය කරයි ද? , නැත්නම් අලුත් universe එකක් පටන් ගනීද? , ඒමත් නැත්නම් පරණ universe එකේ වෙනත් version එකක් විදිහට නිර්මාණය කරයි ද?. ඒ කියන්නේ Salvation වගේ.. නැත්නම් Arnold Schwarzenegger ව දාලා equal screenplay එකක්ම නිර්මාණය කරයි ද?.

equal screenplay විදිහටම දැනට චිත්‍රපටි 4ක් විතර බලලා ඉවරයි.. Arnold Schwarzenegger ටම කියලා පොඩි සීන් එකක් climax එකේ තියෙනවා, ඊට කලින් Arnold Schwarzenegger හිටපු Terminators චිත්‍රපට වලත් මේ සීන් එකම තමයි climax එකේ තියෙන්නේ. හරි විදිහට බැලුවොත් ඔයාට හොයා ගන්න පුළුවන්…

ඒ සීන් එක බලනකොට මුලු තියටර් එකේම ඉන්න අය කෑ ගහනවා. ඒ තරම් ගැම්මක් තියෙනවා.. . හැබැයි Terminator: Dark Fate එකේ ඒම දෙයක් වුනේ නෑ, ඒකට හේතුව සීන් එක බලපු සීන් එකක් නිසා, පටන් ගන්නකොට ම දන්නවා මේ විදිහට තමයි ඉවර වෙන්නේ කියලා…

එකම දේ screenplay එකෙන් ගෙනියන්න බැලුවොත් සමහරක් විට ඉදිරියේදී එන චිත්‍රපට FLOP වෙන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි දැන් James Cameron ෆීල්ඩ් එකට ආපු නිසා. සමහර විට ඉදිරියේදී එන Terminators චිත්‍රපටය අලුත් විදිහෙන් බලා ගන්න පුළුවන් වෙයි… ඒක ඉතින් James Cameron ගේ අතේ තියෙන්නේ.., එයා හිතුවොත් Judgment Day වගේ ඉහලින් මේ series එක ගෙනියන්න පුළුවන්…

මේ චිත්‍රපටයෙන් ඔයාට රසවින්දනයක් අනිවාර්යෙන්ම ලබා ගන්න පුළුවන් නැතුව නෙමෙයි… climax fright සීන් එක ඔක්කොම නියමෙට නිර්මාණය කරලා තියෙනවා. James Cameron ගේ side Supporting එකෙන් චිත්‍රපටය ඉහල තැනකට ගිල්ලා තියෙනවා. හැබැයි new team එක තමයි

Decades after Sarah Connor prevented Judgment Day, a lethal new Terminator is sent to eliminate the future leader of the resistance. In a fight to save mankind, battle-hardened Sarah Connor teams up with an unexpected ally and an enhanced super soldier to stop the deadliest Terminator yet.

Terminator: Dark Fate 2019 Sinhala Subtitles|අනාගතයට එරෙහිව|සිංහල උපසිරැසි සමග
Terminator: Dark Fate 2019 Sinhala Subtitles|අනාගතයට එරෙහිව|සිංහල උපසිරැසි සමග
Terminator: Dark Fate 2019 Sinhala Subtitles|අනාගතයට එරෙහිව|සිංහල උපසිරැසි සමග
Terminator: Dark Fate 2019 Sinhala Subtitles|අනාගතයට එරෙහිව|සිංහල උපසිරැසි සමග
Terminator: Dark Fate 2019 Sinhala Subtitles|අනාගතයට එරෙහිව|සිංහල උපසිරැසි සමග
Terminator: Dark Fate 2019 Sinhala Subtitles|අනාගතයට එරෙහිව|සිංහල උපසිරැසි සමග
Terminator: Dark Fate 2019 Sinhala Subtitles|අනාගතයට එරෙහිව|සිංහල උපසිරැසි සමග
Terminator: Dark Fate 2019 Sinhala Subtitles|අනාගතයට එරෙහිව|සිංහල උපසිරැසි සමග
Terminator: Dark Fate 2019 Sinhala Subtitles|අනාගතයට එරෙහිව|සිංහල උපසිරැසි සමග
Terminator: Dark Fate 2019 Sinhala Subtitles|අනාගතයට එරෙහිව|සිංහල උපසිරැසි සමග
Original title Terminator: Dark Fate
IMDb Rating 6.2 210,878 votes
TMDb Rating 6.412 5,554 votes

Director

Tim Miller
Director

Cast

Linda Hamilton isSarah Connor
Sarah Connor
Natalia Reyes isDaniella
Daniella "Dani" Ramos
Gabriel Luna isGabriel / REV-9
Gabriel / REV-9
Diego Boneta isDiego Ramos
Diego Ramos
Tristán Ulloa isFelipe Gandal
Felipe Gandal
Stephanie Gil isYoung Grace (10yrs)
Young Grace (10yrs)
Tomás Álvarez isLucas / Floor Guard
Lucas / Floor Guard

Similar titles

Arisaka 2021 Sinhala Subtitles | “ මරියානො ” | සිංහල උපසිරැසි සමඟ
The Running Man 2025 Sinhala Subtitles | “ තමන්ගේ පවුල වෙනුවෙන්… ” | සිංහල උපසිරැසි සමඟ
Sniper: Vengeance 2023 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lokah Chapter 1: Chandra 2025 Sinhala Subtitles | “යක්ෂි” | සිංහල උපසිරැසි සමඟ
Pirates of the Caribbean: Dead Men Tell No Tales 2017 Sinhala Subtitle | සිංහල උපසිරැසි
Beast of War 2025 Sinhala Subtitles | “ ජපන් ප්‍රහාර ” | සිංහල උපසිරැසි සමඟ
O’ Romeo 2026 Sinhala Subtitles | මුම්බායි පාතාලයේ අලුත්ම ලේ වැගිරීම! | සිංහල උපසිරැසි සමඟ
One Battle After Another 2025 Sinhala Subtitles | “ එක සටනකට පසු තවත් සටනක් ” | සිංහල උපසිරැසි සමඟ
The Croods 2013 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fix 2024 Sinhala Subtitles | “නිවැරදි කිරීම” | සිංහල උපසිරැසි සමඟ
Killer Whale 2026 Sinhala Subtitles | “ මිනීමරු තල්මසා ” | සිංහල උපසිරැසි සමඟ
Lake Jesup: Bonecrusher’s Revenge 2025 Sinhala Subtitles | “ විල කළඹන බෝන්ක්‍රෂර්ගේ පළිගැනීම ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published