













“Genie, Make a Wish (2025)”
(“다 이루어질지니 : ජෙනී, ප්‍රාර්ථනාවක් කරන්න“)

Information – විස්තර
Native Title: 다 이루어질지니
Title: Genie, Make a Wish
Type: Drama
Format: Standard Series
Country: South Korea
Episodes: 13
Airs: Oct 3, 2025
Airs On: Friday
Original Network: Netflix
Duration: 60 min.
Content Rating: 15+ – Teens 15 or older
Also Known As: All the Love You Wish For , All Your Wishes Come True , All Your Wishes Will Come True , Da Irueojiljini , Everything Will Come True , It Will Come True , Will Everything Come True? , Will It All Come True?
Director: Lee Byung Hun, Ahn Gil Ho
Screenwriter: Kim Eun Sook
Genres: Comedy, Romance, Fantasy
Tags: Psychopath Female Lead, Insensitive Female Lead, Warm Man/Cold Woman, Supernatural, Age Gap [Real Life], Mythical Entity-Human Relationship, Supportive Friend, Roommates’ Relationship, Partially Filmed Abroad, Village Setting (Vote tags)
කාස්ට් – Cast
Kim Woo Bin | Genie

ඔහු මීට පෙර Black Knight “ Our Blues ” | “ Uncontrollably Fond” | “ We Are Young ” | “ The Heirs| “ School 2013” | “ Vampire Idol” | Officer Black Belt” Alienoid: Return to the Future” Alienoid 1″ | “ Master” “ Twenty” | “ The Con Artists” Friend 2 ” සහ “Master” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.
Bae Suzy | Ki Ga Yeong

ඇය මීට පෙර “ Doona!” | Anna: Extended Version” Ashfall “Anna” Start-Up” Vagabond “ While You Were Sleeping | Wonderland “ Uncontrollably Fond” සහ Dream High” Gu Family Book “Big “The Sound of a Flower වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.
Summary – සාරාංශය

පලිගන්න වියරු වැටිලා ඉන්න ජිනී (භූතයෙක්) කෙනෙක්, අහංකාරකමින් උඩගු වෙලා ඉන්න ජිනී (භූතයෙක්) කෙනෙක්, ඉතින් ඔක්තෝබර් 03 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් හරහා මේ කතාව නිකුත් වුනේ, කතාව පැත්තට හැරෙනවා නම්…
පොඩි කෙල්ලේ…
මැටි වලින් හදපු පොඩි කෙල්ලේ…
මැරිලා යන පොඩි මනුස්සයෝ…
මම ඔයාගේ මරණය දිහා බලාගෙන ඉන්නවා.
ඒ වගේම මම ඔයාගේ මස් සහ ඇටකටු වල පස් මිටක් අරගෙන යනවා.
ඔයා නිසා මගේ පහන අන්ධකාරයට වඩා ගැඹුරකට වැළලිලා යන්න පුළුවන් වුනත්,
මම මැටි වලින් අච්චු කරපු ඔයා වගේ පහත් කෙනෙක්ට,
ඔළුව නවන්නේ නැහැ.
දෙවියෝ මවපු භූතයෝ වන ජිනීවරුන්ට අද්භූත ශක්තියක් සහ ගුප්ත මායා බලයක් තියනවා, ඉතින් මේ ජිනීලා උඩගු වෙලා දෙවියොන්ව අභිවවා යන්න ගියපු එකට තරහා ගත්ත දෙවියෝ, මේ උඩගු ජිනීලාව විනාශ කරන්න දේවදූතයෝ එවනවා, දිග සටනකට පස්සෙ ඉතුරු වන ජිනීවරු සහ දේවදූතයොන්ට දෙවියෝ මැටි වලින් මවපු අලුත් ජාතියක් නිර්මාණය කරනවා, ඒ තමයි මිනිස්සු, ඉතින් දෙවියෝ ජිනීවරු සහ දේවදූතයෝට ඒ අලුත් ජාතියට ඔළුව නවලා ආචාර කරන්න කියලා නියෝග කරනවා, මේ අතරේ ඉන්නවා අහංකාර ජිනී කෙනෙක් ඒ ජිනී නම් කවදාවත් මේ මැටි ගුලියට ඔළුව නවන්නෙ නැහැ කියලා දිවුරනවා, හැබැයි ඉතින් පස්සෙ… එහෙනම් අපි කතාව බලලා ඉමුද?
මේ ජිනීට අලුත් ස්වාමියෙක් හම්බවෙයිද?
මේ ජිනී ඔළුව නවන මනුස්සයෙක් එවිද?