The Dinosaurs 2026 TV Series | S01 | Complete Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 06, 2026
Your rating: 0
6 1 vote

Seasons and episodes

1Season 1 Mar. 06, 2026

Creator

Creator

Cast

Morgan Freeman isSelf - Narrator (voice)
Self - Narrator (voice)

Video trailer

Synopsis

The Dinosaurs 2026 TV Series | S01 | Complete Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

2026 මාර්තු මාසෙ Netflix හරහා තමයි මේ Documentary එක Release වුණේ. කතාංග 4කින් සමන්විත මේක, ඩයිනෝසෝරයන්ගේ ආරම්භයේ ඉඳන් එයාලා සම්පූර්ණයෙන්ම ලෝකෙන් තුරන් වෙලා යනකම් කතාව හරිම ලස්සනට, පිළිවෙලට ගෙනල්ලා තියෙනවා. Triassic, Jurassic, සහ Cretaceous කියන යුග තුනම ආවරණය වෙන විදිහට, අවුරුදු මිලියන 170ක ඉතිහාසයක් මේකෙන් අපිට බලාගන්න පුළුවන්. කොටස් 4, Rise, Conquest, Empire සහ Fall විදිහට තමා නම් කරලා තියෙන්නෙ…

ඉතින් මේක නිකම්ම නිකන් නිර්මාණයක් නෙවෙයි. ලෝකෙ ඉන්න සුපිරිම වැඩ්ඩො ටිකක් තමයි මේකට එකතු වෙලා තියෙන්නෙ. විධායක නිෂ්පාදක විදියට කවුරුත් දන්න හොලිවුඩ් දැවැන්තයා, Jurassic Park හදපු Steven Spielberg සම්බන්ධ වෙලා තියෙනවා. කතාව Narrate කරන්නෙ අපේ කනට හුරුපුරුදු, ගාම්භීර කටහඬක් තියෙන ඔස්කාර් සම්මාන ලාභී Morgan Freeman. මේක නිශ්පාදනයට Amblin Documentaries සහ Silverback Films ආයතන දායක වෙලා තියෙනවා. VFX & CGI කරලා තියෙන්නෙ ලෝකෙ තියෙන සුපිරිම VFX සමාගමක් වෙන ILM නැත්තම් Industrial Light & Magic…

මේකෙ තියෙන්නෙ අපිට අර පරණ චිත්‍රපටවල දැකලා පුරුදු Fictional කතන්දර නෙවෙයි. අලුත්ම පර්යේෂණවලින් හොයාගත්තු විදිහට, උදාහරණයක් විදිහට සමහර ඩයිනෝසෝරයන්ට ඇත්තටම පිහාටු තිබුණා කියන එක පවා මේකේ හරිම තාත්විකව පෙන්නලා තියෙනවා. පොඩි ළමයින්ට විතරක් නෙවෙයි, ගෙදර ඉන්න ලොකු පොඩි හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන්, ගොඩක් දේවල් ඉගෙනගන්නත් පුළුවන් හොඳ නිර්මාණයක්. ඉතින්, ඔයා ස්වභාවධර්මයට, සත්තුන්ට හරි ඩයිනෝසෝරයන්ට හරි ආස කෙනෙක් නම්, මේ The Dinosaurs Documentary Series එක අනිවාර්යයෙන්ම බලන්න. ඒක ඔයාට අලුත්ම අත්දැකීමක් වේවි!

Original title The Dinosaurs
TMDb Rating 7.958 72 votes
First air date Mar. 06, 2026
Last air date Mar. 06, 2026
Seasons 1
Episodes 4

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published