What's happening?

Video Sources 274 Views Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Hello! 2017 Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතිය සොයා… | සිංහල උපසිරැසි සමඟ

Hello! 2017 Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතිය සොයා… | සිංහල උපසිරැසි සමඟ

Dec. 22, 2017India131 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

Hello! 2017 Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතිය සොයා… | සිංහල උපසිරැසි සමඟ

හෙලෝ! මං ඔයාලට දෙයක් කියන්නද? අපි ඉපදිච්ච දවසේ ඉඳලා, මැරෙන දවස වෙනකම්, අපේ ජීවිතේ අපිට හම්බෙන හැමෝම, නොපෙනෙන රැහැනකින් අපිට බැඳිලා තියෙන්නේ. මේ නොපෙනෙන රැහැනට අපි කියන්නේ ඉරණම කියලා. එක එක මිනිස්සුන්ව අපිට එක එක විදියට හම්බෙනවා. එතකොට, අපි එකිනෙකාගේ ජීවිත බෙදාගන්න කෙනා හම්බවෙන්නේ මොන විදියටද? ඒ කිව්වේ, ජීවන සහකාරයා ගැන. පොඩ්ඩක් හිතලා බලන්නකෝ.

එකෝමත් එක කාලයක… මායාවෙන් පිරි දේශයක…
ළමයින් දෙදෙනෙක් සෙනෙහසින් කල් ගෙව්වා.
සතුටින් අත්තටු සලමින්…
කුරුල්ලන් මෙන් ඔවුන් පියඹා ගියා…
ආකාශයේ ක්‍රීඩා කරමින්.
එක්කෙනෙක් සීනු… අනෙකා ජුන්නු.
සදහටම එකට සිටින්නැයි ඔවුන් සිතා උන්නේ…
වලාකුළු සහ වර්ෂාව ආකාරයෙන්.
සීනු නම් අහිංසකයා… ජුන්නු තමයි දඟකාරිය.
බලනු මැනැ ඔවුන් උස් මහත් වෙන ආකාරය…
සහකරුවන් ආකාරයෙන්.
හරියට මුළු ලොවක්ම ඔවුන් දෙදෙනාගේ නිවහන මෙන්ය…
හැම නිමේශයක්ම උත්සවසිරි ගනී.
ඔවුන් බෙදාහදා ගන්නා අලංකාර සිහිනයන්…
දිනෙන් දින ශක්තිමත් වෙනවා.
උණුසුම් හදවතින් යුක්තව… පිරිසිදු සිතුවිලි සහිතව…
මේ අයුරින් තමයි… ඔවුන්ගේ කතාව ආරම්භ වූයේ!

සීනු! අම්මා-තාත්තා හෝ කිසිඳු නෑදෑයෙක් නොමැතිව තනිවම ජීවත්වෙන කුඩා වීදි දරුවෙක්. පාරේ ට්‍රැෆික් ලයිට් එක ගාව වාහන නැවත්තුවාම ඒ වෙලාවට වයලීන් එක ගහලා කීයක් හරි හොයාගෙන, ගහක් උඩ හදාගත්ත පොඩි ආවරණයක් යට තමයි ජීවිතේ ගැටගහ ගත්තේ. දවසක් දා පැණි පූරි කන්න ගියපු සීනුට, ජුන්නුව හම්බුණා. සමහර බැඳීම් ඇතිවෙන්න හේතු සාධක අවශ්‍ය වෙන්නේ නැහැ. මේකත් ඒ වගේ තමයි. දඟකාර ජුන්නුට, හැඩකාර සීනු එක්ක යාළුවෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. යාළුකම කියන්නේ පුදුමාකාර දෙයක්. මේ දෙන්නගේ මේ අපූරු යාළුකමට පුළුවන් වුණා මේ දෙන්නගේ ජීවිත සතුටින් පිරී ඉතිරී යන්න සලස්වන්න. හැබැයි, වැඩි කාලයකට නම් නෙමෙයි. දෛවය අකාරුණික වුණා. තමන්ගේ තාත්තට රැකියා මාරුවක් ලැබිලා වෙන නගරකට යද්දී, පුංචි ජුන්නුත් එයාගේ අම්මයි තාත්තයි එක්ක ගියා. පුංචි හදවත් දෙකක ඇතිවුණා වූ දැවැන්ත මිතුදමක් බිඳී වැටුණා. පුංචි හදවත් දෙකක් දරාගන්න බැරි වේදනාවෙන් තැලී පොඩිවී ගියා!

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි…
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි…!

මේ තරම් ආදරයෙන් හිටපු තමන්ගේ ප්‍රාණ සමවන් සීනුව දාලා යනවෙලාවේ පුංචි ජුන්නුට දෙන්න පුළුවන් කම තිබුනේ එකම එක දෙයක් විතරයි. රුපියල් සීයේ කොලේක ලියපු තමන්ගේ දුරකථන අංකය දීපු ජුන්නු, සීනු බලාගෙන ඉන්දෙද්දී ටිකෙන් ටික නොපෙනී ගියා. ඒත්, දෛවය ක්‍රියා කරන්නේ කිසිසේත්ම අපිට උවමනා විදියට නම් නෙමෙයි. එක පොඩි සිදුවීමක් නිසා මේ සීනුගේ සම්පූර්ණ ජීවිතයම උඩි යටිකුරු වෙනවා. නැවත කිසිදිනෙක තම ආදරණීය ජුන්නුව දැකබලා ගන්න නොහැකි තැනට පත්වෙනවා!

කොතැනක හෝ මා හදවතේ…
කුමක් හෝ නාදුනන මාර්ගයක් ඔස්සේ…
මා මනස ඇය සමගින් මංමුලාවේ සැරිසරනවා.
දිගු කලකට පෙර අහිමිව ගිය මතකයන් කොඳුරන තාලයෙන්…
මා මනස ඇය සමගින් මංමුලාවේ සැරිසරනවා.
ගයනා කරන ගීතයක ස්වරය ආකාරයෙන්…
මා මනස හිමිහිට සෙලවීලා…
එමගින් අලංකාර සිහිනයන් උපත ලැබුවා.
එය කෙසේ සිදුවූයේද කියා කවුරුන් දනීද?
නොමැති නම් එය දිව්‍යමය මැදිහත් වීමක්ද?
ඔවුන් දැන් එකිනෙකට වෙනස් මාර්ගයන් දෙකකයි පියමැන යන්නේ.
දෑස් විමසන්නේ ඔවුනොවුන්ගේ ආදරවන්තයනුයි!
වෙහෙස නොතකා පියසටහන් යොමුවන්නේ ඔබ වෙතටයි!

අවුරුදු 14යි, මාස 3යි, දවස් 17යි. අන්න එච්චර කාලයක් වුණා මේ දෙන්න වෙන්වෙලා. කතාවක් තියෙනවා කිසිම දුරක් ලොකු නැහැ කියලා.හැමදාම උදේ 7:30 වෙද්දී සීනු මෙතනට දුවගෙන එනවා. රාමක්‍රිෂ්ණා සිග්නල් කණුව ගාවට! ජුන්නුට වෙච්ච පොරොන්දුව සීනු කවදාවත් අමතක කලේ නැහැ. හදිසියේ වත් සීනු නැති වෙලාවක ජුන්නු මෙතනට ආවොත් එහෙම? අන්න ඒ නිසයි, වැස්සා හෝ අකුණු ගැහුවා හෝ, කකුල කැඩුනා වුණත් සීනු හැමදාමත් උදේ 7.30 වෙද්දී මෙතනට දුවගෙන එන්නේ. දවසකට මෙතනින් මිනිස්සු දාස් ගාණක් එහා මෙහා යනවා. ඒත්, ඒ කිසිම කෙනෙක් මේ හුදෙකලා ආදරය ගැන හොයලා බැලුවේ නැහැ. ඒ කිසිම කෙනෙක් සීනුගේ තනිකම ගැන තේරුම් ගත්තේ නැහැ. ඒත්, මෙච්චර අවුරුදු ගාණකට පස්සේ, දවසක් දා පොඩි ඉඟියක් ලැබුණා. ඒත්, තමන්ගේ ආදරය සොයාගෙන ගියපු සීනු අන්තිමේ පැටලුනේ මර උගුලක!

හෙලෝ!
ඔබ කොහෙද සිටින්නේ? හෙලෝ!
ඔබට කුමක්ද සිදුවූයේ? හෙලෝ!
ඔබට මා කියන දේ ඇසෙනවාද? හෙලෝ!
මා වෙතට එනවාද? හෙලෝ!
මාව අමතක වුණා වත්ද? හෙලෝ!
මා නිරතුරුවම ඔබ ගැනමයි කල්පනා කරන්නේ!
හෙලෝ! ඔබ කොහෙද සිටින්නේ?

2016 වර්ෂයේදී තිරගත වෙච්ච, දමිළ නළු සූර්‍යා රංගනයෙන් දායක වූ 24 චිත්‍රපටය මතකද? එතකොට, Manam (2014) චිත්‍රපටය? තව එතකොට, 13B: Fear Has a New Address (2009) චිත්‍රපටය? හොඳ ඉන්දියානු චිත්‍රපට රසිකයෙක් නම් මේ සිනමා නිර්මාණ තුන මගහැරෙන්න විදියක් නැහැ. ඒ වුනාට, ගොඩක් දෙනෙක් දැනුවත් නැතුව ඇති, මේ නිර්මාණ තුනම පිටුපස ඉඳගෙන, මේ නිර්මාණ තුනම සාර්ථකත්වය කරා ගෙනගියපු, ඒ අදෘශ්‍යමාන හස්තය, මේ චිත්‍රපට තුනේම අධ්‍යක්ෂක Vikram K. Kumar මහත්මය ගැන. ඔව්, මේ තමයි එතුමාගේ නවතම සිනමා අධ්‍යක්ෂණය. චිත්‍රපටය අයත් වෙන්නේ Action, Romance කාණ්ඩ වලට. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පවා නිකුත් කරලා දින කීපයක් ඇතුලත යූටියුබ් හරහා මිලියන ගණනක් නරඹලා තිබුණා. 2017 දෙසැම්බර් 21 වෙනිදා තිරගතවීම ආරම්භ කරපු මේ සිනමා නිර්මාණයේ ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ Akhil Akkineni විසින්. ඊට අමතරව Jagapathi Babu සහ Ramya Krishnan යන තෙලිඟු සිනමාවේ දැවැන්ත චරිත දෙකක් උප ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙද්දී, සිය කුළුදුල් චිත්‍රපට රංගන දායකත්වය ලබාදෙන සුරූපී Kalyani Priyadarshan විසින් ප්‍රේක්ෂකයා තමා වෙතට ඇඳ බැඳ තබාගනිමින් ප්‍රධාන නිළියගේ භූමිකාව හොබවනු ලබනවා.

බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා ගැන නිළ සඳහනක් නැති වුනත්, නිළ නොලත් අන්තර්ජාල වාර්තා වලට අනුව පළමු සතියේදී ලොව වටා ආදායම ලෙස ආසන්නව ඉන්දියානු රුපියල් කෝටි 34ක් උපයා ගැනීමට සමත්වෙලා තියෙනවා. ඒ වගේම, ප්‍රේක්ෂක ප්‍රතිචාර මත 7.0ක් වැනි අගයක් කරා කරකැවුණු IMDB දර්ශකය මේ සිනමා නිර්මාණය පිළිබඳව මනා අදහසක් ඔබට සපයාවි. ඒ වගේම තමයි, සාම්ප්‍රදායික තෙලිඟු ක්‍රියාදාම නම් ඔබට මේ චිත්‍රපටයෙන් බලාගන්න වෙන්නේ නැහැ. ඒ කිව්වේ, වීරයා එකක් ගැහුවාම දුෂ්ඨයා අඩි දහයක් විතර උඩින් වීසිවෙලා ගිහිං වැටෙන විදියේ ක්‍රියාදාම. ඒ වෙනුවට ගොඩනැගිලි මතින් පනිමින්, විවිධ බාධක තරණය කරමින්, ඒවා මතින් පැන යමින් සිදුකෙරෙන්නා වූ බොහොම ත්‍රාසජනක ක්‍රියාදාම ජවනිකාවන් රැසක් බලා ගැනීමට වරම් ලැබේවි. බොලිවුඩ් චිත්‍රපට වල මේ වගේ ක්‍රියාදාම දර්ශන තිබුණත්, ඉන්දියානු සිනමාවට මේක අලුත් අත්දැකීමක්. ඉන්දියානු චිත්‍රපටයක් තුල දෙවැනි වතාවටත්, තෙලිඟු චිත්‍රපටයක් තුල පළවෙනි වතාවටත් තමයි මේ වගේ ක්‍රියාදාම ජවනිකා ඇතුලත් කරලා තියෙන්නේ.

ඒ වගේම, විශේෂයෙන්ම කියන්න ඕනේ සංගීතය සහ ගීත ගැන. ඉන්දියානු චිත්‍රපටයක් තුලින් කාලෙකට පස්සේ හිතට දැනෙන විදියට ඉහළම ආකාරයෙන් සංගීතය සහ ගීත යොදාගෙන තියෙන නිර්මාණයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔබ වෙනදට ගීත අත්හැරලා, කතාව විතරක් බලපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒත්, සැකයක් නැහැ, මේ වතාවේ නම් කතාව විතරක් නරඹන්න ඔබට හැකියාවක් ලැබෙන එකක් නැහැ. අතිශය මියුරු ගීත කීපයකින්ම සමන්විත මේ සිනමා නිර්මාණයේ ගීත කාලාන්තරයකට ඔබට අමතක නොවේවි.

එහෙනම්, මේ හොඳටම ඇති. සමහරවිට ඔබට හිතෙන්න පුළුවන් ලොකු කතාවක් නැහැ කියලා. වෙන්න ඇති. හැබැයි, පොඩි කම්මැලිකමක් වත් නැතුව එක හුස්මට බලන්න පුළුවන් සිනමා නිර්මාණයක් කියලා තහවුරු කරලා කියනවා. විශේෂයෙන්ම මුල් බාගයේදී උපරිම කුතුහලයෙන් නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. එහෙනම්, ගිහිල්ලා එන්නම්. ජය!

Hello! 2017 Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතිය සොයා… | සිංහල උපසිරැසි සමඟ
Hello! 2017 Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතිය සොයා… | සිංහල උපසිරැසි සමඟ
Hello! 2017 Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතිය සොයා… | සිංහල උපසිරැසි සමඟ
Hello! 2017 Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතිය සොයා… | සිංහල උපසිරැසි සමඟ
Hello! 2017 Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතිය සොයා… | සිංහල උපසිරැසි සමඟ
Hello! 2017 Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතිය සොයා… | සිංහල උපසිරැසි සමඟ
Hello! 2017 Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතිය සොයා… | සිංහල උපසිරැසි සමඟ
Hello! 2017 Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතිය සොයා… | සිංහල උපසිරැසි සමඟ
Hello! 2017 Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතිය සොයා… | සිංහල උපසිරැසි සමඟ
Hello! 2017 Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතිය සොයා… | සිංහල උපසිරැසි සමඟ
Original title హలో!
IMDb Rating 7.4 3,725 votes
TMDb Rating 7.2 28 votes

Director

Cast

Akhil Akkineni isAvinash / Seenu
Avinash / Seenu
Ramya Krishnan isSarojini/Saru
Sarojini/Saru
Ajay isRishi
Rishi
Satya Krishnan isPriyas' Mother
Priyas' Mother
Anish Kuruvilla isPriya’s Father
Priya’s Father
Vennela Kishore isBridegroom for Priya's friend
Bridegroom for Priya's friend
Posani Krishna Murali isPolice Officer
Police Officer
Nivedhithaa Sathish isPriya's friend
Priya's friend

Similar titles

Rony – The Ruler 2024 Sinhala Subtitles | “ රොනී – ද රූලර් ” | සිංහල උපසිරැසි සමඟ
Thanal 2025 Sinhala Subtitles | “ ගිනි අගුරු ” | සිංහල උපසිරැසි සමඟ
The Creeps 2025 Sinhala Subtitles | “ හිම රාක්ෂයෝ ” | සිංහල උපසිරැසි සමඟ
Holy Night: Demon Hunters 2025 Sinhala Subtitles | “යක්ෂයන් දඩයම” | සිංහල උපසිරැසි සමඟ
Lucky the Superstar 2026 Sinhala Subtitles | “ ලකී ” | සිංහල උපසිරැසි සමඟ
Hierarchy 2025 Sinhala Subtitles | “ අවසානයක් නැති දිවීමක් ” | සිංහල උපසිරැසි සමඟ
Aliens vs Predator: Requiem 2007 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Verdict 2025 Sinhala Subtitles | බිරිඳ වෙනුවෙන්.. සිංහල උපසිරැසි සමඟ
Mad Money 2008 Sinhala Subtitles | “ සම්මි.. සල්ලී.. ” | සිංහල උපසිරැසි සමඟ
Delivery Run 2024 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
TRON: Legacy 2010 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Be Happy 2025 Sinhala Subtitles | “නර්තන සිහිනය” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published