Body Problem [S01 : E07] Sinhala Subtitles
ඔන්න යාළුවනේ 3 Body Problem පලමු කතාමාලාවේ අවසාන කතාංග 2ට ඇවිත් ඉන්නේ.
අනේ පසුගිය දවස් දෙකේ කතාංග 2 ලබාදෙන්න බැරිවීම ගැන සමාවෙන්න.
දැන් ඔයාලට මේ කතාවේ දේවල් හොඳටම පැහැදිලි වෙලා ඇතිනේ.
අපි දේවත්වයෙන් අදහාගෙන මෙහෙට ආරාධනා කරපු දෙවියන් අවසානයේ අපගේ යක්ෂයා වුනා.
ඉතින් ඔවුන්ට විරුද්ධව සටන් කරන්න දැන් අපි මෙහෙයුමක් දියත්aකරනවා .
මේක ජින්ගේ අදහසක්, නමුත් මේක කරන එක ඒතරම් පහසු දෙයක් වෙන්නේ නැහැ.
ඔගීට නම් නැවේදී කරපු ඝාතනය නිසා සෑහෙන මානසික කම්පනයක් ඇතිවෙලා තියෙන්නේ
ඒ අතරේ මිනිස්සු “තරු අපේ ගමනාන්තයයි” කියලා අහසේ තියන තරු විකුණන වැඩකුත් පටන් අරගෙන.
මීටවැඩිය ගොඩක් කතාව තේරුම් කරන්න යන්නේ නැහැ, මොකද හැම කතාංගයකම පැහැදිලි කිරීම් තිබුනනේ.
එහෙනම් අද කොටසේදි මේ ජින්ගේ ව්යාපෘතියට යවන්න කෙනෙක්ව හොයනවා.
ඉතින් මේකට කවුරු ඉදිරිපත් වෙයිද? ඒ අතරේ ජින්ට නන්නාඳුනන කෙනෙක්ගෙන් තරුවක අයිතිය ලැබෙනවා.
අපි දන්නවනේ මේක එවන්නේ විල් කියලා, ඉතින් විල්ට එයාගේ පරම පිවිතුරු ආදරය කියාගන්න පුළුවන් වෙයිද?
අද කොටසෙදි තවත් වැදගත් දෙයක් වෙනවා, ඒ තමා යේ වෙන්ජී පිටසක්වලයන් ගැන විශාල රහසක් සෝල්ට කියනවා.
ඉතින් මේ රහස මොන වගේ එකක්ද? පිටසක්වලයෝ මේක දැක්කාම මොනවා කරයිද?
එහෙනම් තවත් ආදරබර කතාංගයකට ඉඩදීලා අදට සමුගන්නවා.
අවසාන කතාංගයෙන් බදාදට හමුවෙමු, එතෙක් ඉවසලා ඉන්න.
“Never Play With God.”
3 Body Problem,3 Body Problem [S01 : E07] Sinhala Subtitles







