
සමාන්යන් රටක යුද්ධයක් ආරම්භ වුනහම විදේශිකයෝ කරන්නේ තමුන්ගේ රටේ තානාපති කාර්යයාලය වෙත යන එක, මේකේ හුදු අරමුණ වෙන්නේ නැවත ආරක්ෂිතව තමුන්ගේ ගම් රට බලා යන එක. හැබැයි ඉතින් මේ කාර්යයාලවල වැඩ කරන බොහොම දෙනෙක්ට මේ අවස්තාව ලැබෙන්නේ අවසානයට, ඔවුන් නතර වෙනවා තමුන්ගේ රට වැසියන්ගේ යහපත වෙනුවෙන්. බලන්න ඇති නෙව ආර්ගෝ…
2011 ලිබියාව තුල සිවිල් යුද්ධයක් ඇති වෙනවා නෙව, ඒ කාලේ අහන්න දකින්න ඇති නේ ඔය නිතරම රුපවාහිනියේ එහෙම ගියේ… ගඩාෆි අරහෙම කළා මෙහෙම කළා, හිටියේ මෙහෙමයි අරවා මේවා…. ඔව් ඒ සිද්ධිය වෙලා ද අවුරුදු 5ක් ගෙවිලා තියනවා අද ඊයේ වගේ නේද… කොහොම නමුත් ඔය කාලේ ලිබියාව ලෝකයේ භයානකම රටක් ලෙස නම් කෙරුනා ඒ එකක්ම බොහොම තානාපති කාර්යයාල ඉවත් කරගැනීම සිද්ධ වුනා ඒ ඒ රටවල රජයන් විසින්. හැබැයි ලෝක පොලිස් කාරයා නෙමෙයි මේ වැඩේට හිස නැමුවේ. ඇමරිකාව තමුන්ගේ තානාපති කාර්යයාලයක් පවතාගෙන ගියා CIA එකේ Annex නම් රහසක් වුන රහසක් නොවෙන මුලස්තානයකට ආසන්නයේ. නමුත් මේ ඔක්කොටම කන කොකා අඬන්න ගන්නේ 2012 සැප්තැම්බර් 11 එල්ල වෙන ප්රහාරය එකක්. මේ ප්රහාරයෙන් 1979 පසු සේවයේ යෙදී හිටිය දී ඝාතනය වුන මුල්ම ඇමරිකානු විදේශීය තානාපතිවරයා බවට පත් වෙන්න J. Christopher Stevens අවාසනාවන්ත වෙනවා, ඔහු එකක්ම තානාපති කාර්යයාල සේවකයෙකු වන Sean Smith මරු වැලද ගන්නවා තමුන්ගේ රට වෙනුවෙන්.
මේ අතර වාරයේ සැතපුමක් වගේ දුරින් තියන ඇනෙක්ස් එකටත් ප්රහාරයක් එල්ල වෙනවා… ඉතින් මේ ප්රහාරයෙන් CIA කොන්ත්රාක්තුව පිට ආරක්ෂාව සලසන හිටපු හමුදා නිලධාරින් වන Glen Doherty වගේම Tyrone S. Woods මිය යනවා. නමුත් මේ පිරිස තමුන්ගේ රට වැසියන් ආරක්ෂා කරගන්න දැරූ ප්රයත්නය සදා ජීවමානයි. මොකද ඔවුන්ගේ බල ඇණියේ පිරිසක් වගේම CIA පිරිසක් තමුන්ගේ පවුල් නැවත දකින්න තරම් වාසනාවන්ත වෙනවා මේ විරුවන්ගේ අප්රතිහත ධෛර්යය නිසාවෙන..
මේ සලරුව පාදක වෙලා තියෙන්නේ ඒ අවාසනාවත රාත්රියේ සිදුවීම් එකක් නමුත් කියන්න ඕනේ මේක සත්ය කතාවක් යුධ කතාවක් වුනත් මේක සුපිරි ක්රියාදාම චිත්රපටයක්. අධ්යක්ෂකවරයා වෙන කිසිම කෙනෙක් නෙමෙයි Michael Bay මෙයාගේ ක්රියාදාම සලරූ ගැන දන්නේ නැත්නම් Transformers, Bad Boys, Armageddon වගේම The Rock කියන චිත්රපටි ගැන හොයා බලන්නකෝ… ඒ ඔක්කොම හැදුවේ මේ බේ හාදයා. IMDB 7.5 ක් වගේ ඉහල අගයක් ලබාගන්නත් මේ චිත්රපටය සමත් වෙලා තියනවා. ලගදි ආව ක්රියාදාම චිත්රපටි එකක් බලනකොට ඒක බොහොම ලොකු අගයක් නෙව. ලගදි කිව්වට මේක ආවේ නම් ජනවාරි 15 වැනිදා. මේක මම නම් ගත්තේ මගේ 150 වැනි උපසිරැස වෙනුවෙන් ඔබ වෙත ගෙන එන්න නමුත් ඉතින් කිසිම කොපියක් ආවේ නැහැ නෙව.
මේක පාදක වෙලා තියෙන්නේ සත්ය සිදුවීම හා Mitchell Zuckoff විසින් රචිත 13 Hours ග්රන්ථය ආදාරයෙන්. තිරයේ දකින මුහුණු වෙන්නේ John Krasinski, Pablo Schreiber, James Badge Dale, David Denman, Max Martini, David Costabile වගේ පිරිසක්. මේක මම නම් ගත්තේ ජිම් කොල්ලා ක්රියාදාම නළුවෙක් වෙන හැටි බලන්න, බොහොම අගේ ඇති වෙනස් වීමක් කියන්න හැකි.
එහෙනම් මේ විශේෂ කාර්යය බලකා සෙබළුන් එකක් CIA පිරිස බේරී රටින් පැනගන්න, ක්රියාදාම සපිරි චිත්රපටිය බලන්නකෝ.