
Dead Talents Society කියන්නෙ තායිවාන හොල්මන් ජනප්රවාද මූලික කරගෙන හදපු කතාවක්. හැබැයි මේක ඔයාල බලල තියෙන බහුතරක් හොල්මන් කතා වලට වඩා වෙනස්. මේක Horror/Comedy එකක්. ඉතින් හොල්මන් කතාවක් කොහොමද Comedy යක් වෙන්නෙ. ඒක මං කියනවට වඩා ඔයාල බලලම රස විදින්න.
කතාවෙ තියෙන දේ සරලව කිව්වොත් වෙන්නෙ අපි හැමදාම හොල්මන් කතාවක දකින මිනිස්සුන්ගෙ පැත්ත නැතුව හොල්මන් වල පැත්ත ගැන. මේ කතාව සම්පූර්ණයෙන්ම ප්රබන්ධයක් හින්ද කිසිම වෙන දෙයක් ඇත්ත නෙමෙයි. හැබැයි මේකෙ Horror, Action, Comedy වගේම Empathy කියන දේ හොදට සමබරව දීල තියෙනවා. මේ කතාවෙන් අපිට ජීවිතේට ගන්න දේකුත් තියෙනවා. ඒක ඔයාල තේරුම් අරගන්න…