
පැය දෙකයි මිනිත්තු 5ක කාලයකට සීමාවෙන මෙම Fountain of Youth චිත්රපටය IMDb දර්ශකයෙ 5.7ක වගෙ අගයක් අරගෙන තියෙනවා. Rotten Tomatoes අගය 36% ක අගයකුත් ලබාගෙන තිබෙනවා. ඒ වගේම චිත්රපටය අයත් වෙන්නෙ Mystery කියන ඛාණ්ඩයට.
චිත්රපටය තුළ ප්රධාන චරිත වශයෙන් ඔබ අප කවුරුත් දන්න Eiza Gonzalez, John Krasinski, Natalie Portman සහ Domhnall Gleeson ව දැක බලාගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව Arian Moayed, Stanley Tucci, Laz Alonso (The Boys කතාමාලාවේ මදර්ස් මිල්ක්), Benjamin Chivers, Daniel de Bourg, Michael Epp, Steve Tran සහ Perdita Weeks රංගනයෙන් දායක වෙනවා.
ඉතිං ඔබත් Mystery සහ Adventure ටයිප් එකෙ රසිකයෙක් නං අනිවාරෙන්ම මේ චිත්රපටය බලන්න කියලා මතක් කරනවා. මොකද පැය 2ක කාලය ගෙවිලා යනවා දැනුනෙවත් නෑ. පවුලේ හැමෝටම වුනත් එකට ඉඳන් බලන්න පුළුවන් enjoyable චිත්රපටයක් කිව්වත් වැරදි නෑ.