![xXx 2002 with Sinhala Subtitles | නිදහස වෙනුවෙන්! [සිංහල උපසිරැසි සමඟ]](https://subzlk.com/wp-content/uploads/2025/11/xeEw3eLeSFmJgXZzmF2Efww0q3s-185x278.jpg)
“කල කල දේ ඵල ඵල දේ” කියලා පටන් ගත්තේ මොකද කියලා අපේ යාළුවො බලනවා ඇති. ඒකට හේතුව අද ගේන්න හදන සලරුව බොහෝ දුරට ඒ තේමාවට නෑදෑකම් කියන නිසා. මොකද අපි හැමෝම වගේ දන්න දෙයක් තමයි වැරදි කලොත් දෙකක් නැහැ ඒකට ආපසු ඒ විදිහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න වෙනවා කියලා. ඇත්තම නමෙන් කියනවා නම් Hit & Run. ඒ නමෙනුත් ලාවට වගේ දෙයක් එනවා ඔලුවට අන්තර්ගතය මොන වගේද කියලා. 2012 වර්ෂයේ අගෝස්තු 22 තිරගත කිරීම ආරම්භ කල සලරුවක්, අනෙක් නිර්මාණ එක්ක සසඳන කොට ඉතා කුඩා ප්රමාණයේ අයවැයකින් නිපදවලා හොඳ ලාභ උපයපු චිත්රපටයක්. ඉලක්කම් වලින් කියනවා නම් ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක් වැය කරලා මාසෙකින් වගේ ඇමෙරිකානු ඩොලර් මිලියන 13.75 ක් අය කරගෙන තියෙනවා. අන්තර්ජාතික පිළිගැනීම ගැන ඔයාලට කියනවා නම් IDMb ජාත්යන්තර මීටරේ 5.9 දක්වා තරම් උසක් නැගලා තියෙනවා. අපි දන්න කියන නළු නිලියෝ කිහිප දෙනෙක්ම ඉන්නවා මේ නිර්මාණය තුලින් එයාලගේ රංගන හැකියාව ප්රේක්ෂක ඔබ වෙත පෙන්වන්නත්. අහලා ඇති ඔයාලත් Bradley Cooper, Dax Shepard සහ Kirsten Bell කියන නළුවෝ දෙන්නා සහ නිළිය. 2012 ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වූ Silver Linings Playbook වගේම Hangover, Limitless, Case 39 වගේ චිත්රපටි බැලුව නම් Bradley Cooper අමතක වෙන්න කොහෙත්ම බැහැ. මේකේ පෝස්ටරේ උඩින් මම දැක්ක ගහලා තියෙනවා “From the Guys Who Watched the Hangover” කියලා. ඉතාම සරල තේමාවක් යටතේ ක්රියාදාම සහ විනෝද ජවනිකා කැටි කරගත් අපූරු නිර්මාණයක්. තව දෙයක් මේක නිර්මාණය කරලා තියෙන්නෙත් Dax Shepard විසින්මයි.
මෙන්න එහෙනම් සාරාංශය, තරුණයෙක් ඉන්නවා “චාර්ල්ස් බ්රෝන්ස්නන්” කියලා සහ එයාගේ පෙම්වතිය “ඇනී බීන්” දෙන්න ඇමෙරිකාවේ ටිකක් විතර දුර ප්රදේශයක ජිවත් වෙනවා. “ඇනී” කියන්නේ ගැටුම් නිරාකරණය පිලිබඳ පශ්චාත් උපාධිධාරිනියක්. ඒ කියන්නේ රණ්ඩු බේරන්න උපාධියක් ගත්ත කෙනෙක්. වැඩේ කියන්නේ මෙයා තරම් රණ්ඩු කෙක්කක් නැහැ අහල ගං හතකවත්. කොහෙන් හරි කොනක් අල්ලන් ඇවිලේන්නම තමා හදන්නේ. ඉතින් මෙයා මේ පිළිබඳව උගන්වනවත් එක්ක, ඒ කියන්නේ ගුරුවරියක්. කොහොමහරි “ඇනී” ට වෙනවා වෙන රැකියාවක් හොයා ගන්න. ඇයට වෙනවා “ලොස්ඇන්ජලීස්” වල විශ්වවිද්යාාලයක රැකියාවක් වෙත යන්න. ඉතින් මේකට එයාගේ පෙම්වතා “චාර්ලි” වැඩිය කැමති නැති උනත්, තමන්ගේ පෙම්වතියගේ හිත රිදවන්න අකමැති නිසාම ඇයව එහෙ එක්කන් යන්න ලැස්ති වෙනවා. ඔන්න දැන් තමා වැඩේ පටන් ගන්නේ. මේ ගමනට “චාර්ලි” යොදා ගන්නේ පරණ වාහනයක් එකත් ලේසි පහසු එකක් නෙමේ. දැක්ක ගමන් කාගේත් උන්හිටි තැන් අමතක වෙන ජාතියේ එකක්. මේ ගමන යන්න කලින් යම්කිසි හේතුවකට “ඇනී” ට වෙනවා කෙනෙකුගේ ගෙදරට යන්න එයා තමයි “ඇනී” ගේ කලින් පෙම්වතා. මිනිහා පොඩි අමනාපෙකින් ඉන්නේ “ඇනී” “චාර්ලි” එක්ක ඉන්නවට, එයා හිතන්නේ “චාර්ලි” කියන්නේ අපරාධකාරයෙක් කියලා. එකටත් පොඩි හේතුවක් තියෙනවා. ඉතින් මේ පරණ පෙම්වතා එයාගේ නම “ගිල්” මේ වාහනේ හරහා ලොකු කුණු වලක් ගොඩ දාලා හොඳ පිස්සුවක් නටනවා. තව කිව්වොත් බලන්න කලින් කතාව ඉවර වෙයි වගේ, ඔයාලම බලන්න මොකද්ද මෙයා හාරන කුණු ගොඩ කියලයි ඇත්තටම මේ “ගිල්” සැක කරන විදිහට “චාර්ලි” අපරාධකාරයෙක් ද කියලයි….. මේ ගමනේදී හොඳ හොඳ රසවත් සිදුවීම්, පුද්ගලයන් මුණ ගැහෙනවා අවසානය වෙනකන් කම්මැලි නැතුව රස විඳින්න පුළුවන් නිර්මාණයක්.