What's happening?

Video Sources 205 Views Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
ID : The Fake 2025 Sinhala Subtitles | “ කාන්තා ජායාරූප ජාවාරමේ අහිරහස ” | සිංහල උපසිරැසි සමඟ

ID : The Fake 2025 Sinhala Subtitles | “ කාන්තා ජායාරූප ජාවාරමේ අහිරහස ” | සිංහල උපසිරැසි සමඟ

Jan. 03, 2025114 Min.
Your rating: 0
8 1 vote

Synopsis

ID : The Fake 2025 Sinhala Subtitles | “ කාන්තා ජායාරූප ජාවාරමේ අහිරහස ” | සිංහල උපසිරැසි සමඟ

විනෝද් කියන්නේ කෑම බෙදාහරින ආයතනයක සේවය කරන කෙනෙක්. එයාගේ බිරිද වෙන්නේ ගෞරි. මේ දෙන්නට දරුවෙක් ඉපදෙන්නයි යන්නේ. එක දවසක් ගෞරි වැඩ කරන තැනට කෑම බෙදාහැරලා එද්දී එයාට හමුවෙනවා එයාට කෙනෙක් යවපු නිරුවත් ජායාරුපයක්. මේ ජායාරුපය නිසාම එයාගේ ගමන වෙනස් වෙනවා. කතා නායකයා මේ අපරාධය කරන අපරාධකාරයා පසුපස හඹා යන හැටි තමයි මේකේ ඉතුරු කතාව වෙන්නේ.

ශ්‍රීනිවාසන් කියන නම මලයාලම් සිනමාවේ නොඇසෙන නමක් නෙවෙයි. සමහරක් වෙලාවලට එතුමන් රංගනයෙන් දායක වෙනවා. මේ ශ්‍රීනිවාසන්ට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ධ්‍යාන්. අනිත් කෙනා විනිත්. මේ දෙන්නම තාත්තගේ අඩි පාරේ ගිහින් සිනමාවේ ඕල් රවුන්ඩර් ලා බවට පත් වුනු අය වෙනවා.

විශේෂයෙන් මල්ලි වෙන ධ්‍යාන් ශ්‍රීනිවාසන් සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ තමන්ගේ අයියා විනිත් විසින් අධ්‍යක්ෂණය කරපු ‘තිරා (Thira)’ කියන චිත්‍රපටයෙන්. 2025 වසරේ මෙයාගේ චිත්‍රපටි කිහිපයක්ම නිකුත් වෙලා තියෙනවා වගේම මෙයින් සමහරක් ඒවට අපේ අඩවියෙන් උපසිරැසි ලබා දීලා තියෙනවා. විශේෂයෙන් විකන්ඩ් සිනමා යුනිවර්සයේ දෙවෙනි චිත්‍රපටය වෙන Detective Ujjwalan චිත්‍රපටය මේකට හොද උදාහරණයක්. බැලුවේ නැත්නම් බලන්න. අද ගෙන එන උපසිරැසියත් මෙයාගේම එකක්. එයා රගපාපු තවත් චිත්‍රපටි කිහිපයක් කිව්වොත් Partners, Secret, Anand Sreebala, Oshana, Thug CR 143/24 යන ඒවාවල උපසිරැසි අපේ අඩවියේ තියෙනවා.

ධ්‍යාන් ගේ මීලගට තිරගත වෙන චිත්‍රපටි අතරේ ජනප්‍රිය නායකන් ‘දිලිප්’ ගේ Bha. Bha. Ba කියන චිත්‍රපටයෙත්, Joy Full Enjoy කියන චිත්‍රපටි වලට තම ස්වකිය රංගන දායකත්වය ලබාදෙනවා.

ආධුනික අධ්‍යක්ෂක වරයෙක් වෙන අරුන් සිවාවිලාසම් විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටයේ නම ‘ID: The Fake’. මේ අවුරුද්දෙම ජනවාරි 3 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ රචනයත් දෙබසුත් ලියන්නේ මේ අධ්‍යක්ෂකමයි. සංගීත අධ්‍යක්ෂණය අජිෂ් දාසන් ගෙන්. නිෂ්පාදනය මොහොමඩ් කුට්ට්ගෙන්. රංගනයෙන් ධ්‍යාන් ට අමතරව දිව්‍යා පිල්ලෙයි, කලාභවන් ශාජෝන්, ජොනි ඇන්ටනි, ජයක්‍රිෂ්නන්, ශාලු රහීම්, ලිජෝ ජෝස් පෙලිස්සරි, ඉන්ද්රන්ස් වැනි දන්නා හදුනන රංගන ශිල්පින් රැසක් රංගනයෙන් දායක වෙනවා. මේක අයිති වෙන්නේ ඩ්රාමා ත්‍රිලර් ගණයට.

මේ චිත්‍රපටය පොදුවේ කතා කරන්නේ කාන්තාවන්ගේ ජයාරූප අනිසි ලෙස වෙනස් කර නිරුවත් කරන ජාවාරමක් පිලිබදව. මේ දේ ඉතා සුලබව පවතින දෙයක්. ඉන්දියාවේ පමණක් නොව ලෝකයේම මෙවැනි දේ කරන බව නොරහසක්. නමුත් විශේෂයෙන් ලංකාවෙත් මේ දේ කළා කියලා සාක්ෂි තියෙනවා. (ඇගිලි සලකුණ වැඩසටහන – රත්නපුර මැණික් නිරුවත් කරන ජාවාරම [Torana Video Movies කියන යූ ටියුබ් චැනලයේ තියෙනවා. අරන් බලන්න.]) නමුත් තාක්ෂනය දියුණු වීමත් එක්ක මේ දේ කරන එක දැන් අමාරු දෙයක් නෙවෙයි. AI පැමිණීමත් එක්ක මේක ගොඩක් ලෙහෙසි දෙයක් බවට පත් වෙලා ඉවරයි. එකම එක prompt එකකින් ඕනෙම වැඩක් කල හැකි තත්ත්වයට පත් වී තියෙනවා.

මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 4.3/10ක් මෙයට ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ තිරගත කාලය පැය 1යි විනාඩි 54ක් ද වෙනවා. මේ චිත්‍රපටයේ ඩිජිටල් පිටපත් Saina Play අඩවිය හරහා සැප්තැම්බර් 19 වෙනිදා මුදා හැරෙන්නේ තිරගත වෙලා මාස 9 කට පසුව වෙන එක විශේෂත්වයක්. (මේකට කලින් Hunt කියන චිත්‍රපටය අවුරුද්දකට ආසන්නව තමයි ඩිජිටල් පිටපත් නිකුත් කලේ.)

ID : The Fake 2025 Sinhala Subtitles | “ කාන්තා ජායාරූප ජාවාරමේ අහිරහස ” | සිංහල උපසිරැසි සමඟ
Original title ഐ ഡി : ദി ഫേക്ക്
TMDb Rating 5 2 votes

Similar titles

Sambhavam Adhyayam Onnu 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Boy 2025 Sinhala Subtitles | “ ඉන්ඩි ” | සිංහල උපසිරැසි සමඟ
Thanal 2025 Sinhala Subtitles | “ ගිනි අගුරු ” | සිංහල උපසිරැසි සමඟ
Sosok Ketiga: Lintrik 2025  Sinhala Subtitles | අනියම් සම්බන්ධය සිංහල උපසිරැසි සමඟ
My Dearest Assassin 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Christy 2025 Sinhala Subtitles | “ක්‍රිස්ටි” | සිංහල උපසිරැසි සමඟ
Zero Tolerance 2015 Sinhala Subtitles | “ ඇන්ජල් ” | සිංහල උපසිරැසි සමඟ
Terminator 3: Rise of the Machines 2003
Train Dreams 2025 Sinhala Subtitles | “ ගින්නෙන් දැවී අළු වූ මතක අතර හුදකලා වූ මිනිසෙකුගේ සිහින! ” | සිංහල උපසිරැසි සමඟ
Maze Runner: The Scorch Trials 2015 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lasting Moments 2025 Sinhala Subtitles | “ පියා සහ අකී ” | සිංහල උපසිරැසි සමඟ
Gandhi Kannadi 2025 Sinhala Subtitles | “ ජීවිතයම ආදරිය ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published