What's happening?

Video Sources 146 Views Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
Karate Kid: Legends 2025 Sinhala Subtitles | යාළුවගේ ප්‍රශ්නය මගෙත් ප්‍රශ්නයක් [සිංහල උපසිරැසි]

Karate Kid: Legends 2025 Sinhala Subtitles | යාළුවගේ ප්‍රශ්නය මගෙත් ප්‍රශ්නයක් [සිංහල උපසිරැසි]

When masters unite a new legacy begins.May. 08, 2025USA94 Min.PG-13
Your rating: 0
9 1 vote

Synopsis

මම හිතන්නේ Karate Kid කියන චිත්‍රපටය ගොඩක් අයට පුරුදු එකක්. චිත්‍රපටයේ ඉතිහාසය ගැන කතා කරොත් මුල්ම Karate Kid චිත්‍රපටය ආවේ 1984 අවුරුද්ද තරම් ගොඩක් කාලෙකට කලින්. ඊට පස්සේ Karate Kid දෙවෙනි සහ තුන්වෙනි කොටස් පිළිවෙලින් 1986 සහ 1989 වසර වල නිකුත් උනා. නමුත් අපිට ගොඩක් මතකයේ තියෙන්නේ 2010 අවුරුද්දේ ආපු The Karate Kid කියන චිත්‍රපටය. මෙහි තේමා ගීතය වන “Never say never” මම හිතන්නේ සිනමා ලෝකයට ආදරේ කරන, අහපු නැති කෙනෙක් නැති තරම්.

ඉතිහාසය ටිකක් ඇවිස්සුවේ ඔයාලට පුංචි අදහසක් මේ චිත්‍රපටය ගැන දෙන්න. ඇත්තටම මේ ඉතිහාසයේ මීට වඩා තව කියන්න පුළුවන් දේවල් තියනවා. ඒත් අතීත කාමයට යට නොවී අපි ඉතිහාසයෙන් වර්තමානයට එමු. 

Karate Kid Legends (2025) චිත්‍රපටයට පදනම් වෙන්නේ චීනයේ ඉඳන් ඇමරිකාවට තමන්ගේ අම්මා එක්ක එන ලී ෆොන්ග් (Ben Wang) කියන පිරිමි ළමයයි. තමන්ගේ අයියා නැති උන දුකත් හිතේ තියාගෙන ජීවත් වෙන මේ පුංචි කොල්ලට ලස්සන මියා (Sadie Stanley) කියන කෙල්ලෙක්ව තමන්ගේ හොඳම යාළුවා කර ගන්න අවස්ථාව ලැබෙනවා. ඇත්තටම ඉතින් ඒක යාළුකමට එහා ගියපු දෙයක් කිව්වොත් හරි. හැබැයි මේ සම්බන්ධයට වැඩි කැමැත්තක් නොදක්වපු කොටින්ම ලී ෆොන්ග් ව පේන්න බැරි කරාටේ වලට අති දක්ෂ කෝනර් (Aramis Knight) කියල කොල්ලෙක් ඉන්නවා. මේ තුන්කොන් ප්‍රේමය සටනකින් කෙලවර වෙන විදිහ තමයි සරලවම මේ කතාවෙන් කියවෙන්නේ.

Karate Kid Legends (2025) චිත්‍රපටයට රංගනයෙන් දායක වන වැදගත්ම චරිත දෙකක් ඉන්නවා. ඒ හෑන් (Jackie Chan) සහ Karate Kid පළමු චිත්‍රපටයේ Karate Kid ට රඟපාපු ඩැනියෙල් (Ralph Macchio). Ralph නම් දැන් ලොකු මිනිහෙක්. ඒ වගේම Jackie Chan දැන් ගොඩක් වයසයි. හැබැයි එයාලගේ සටන් හැකියාවන් වල නම් තාමත් අඩුවක් නැහැ.

Karate Kid Legends (2025) චිත්‍රපටය පැයකුත් විනාඩි 34 කට ආසන්න කාලයක් දිවෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ Jonathan Entwistle. ඒ වගේම එහි IMDb අගය මේ වෙනකොට 6.6/10 කුත් Rotten Tomatoes අගය 59% කුත් ගන්නවා. චිත්‍රපටය බෙදාහැරීම සිදු කරේ Sony Pictures සමාගමයි.

Karate Kid: Legends (2025) Sinhala Subtitles

Original title Karate Kid: Legends
IMDb Rating 6.3 45,251 votes
TMDb Rating 7 1,112 votes

Director

Cast

Ben Wang isLi Fong
Li Fong
Joshua Jackson isVictor Lipani
Victor Lipani
Sadie Stanley isMia Lipani
Mia Lipani
Ming-Na Wen isDr. Fong
Dr. Fong
Ralph Macchio isDaniel LaRusso
Daniel LaRusso
Aaron Wang isYoung Student
Young Student

Similar titles

Hellboy 2004 Sinhala Subtitles | ආපායෙන් ආ ආරක්ෂකයා | සිංහල උපසිරැසි සමඟ
She Rides Shotgun 2025 Sinhala Subtitles | “ඇය” | සිංහල උපසිරැසි සමඟ
Beast of War 2025 Sinhala Subtitles | “ ජපන් ප්‍රහාර ” | සිංහල උපසිරැසි සමඟ
The Condemned 2007 Sinhala Subtitles | මරණය නියතයි | සිංහල උපසිරැසි සමඟ
Dhadak 2 2025 Sinhala Subtitles | “ නොමියන හදගැස්ම ” | සිංහල උපසිරැසි සමඟ
Tee Yai: Born to Be Bad 2025 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Blackout 2019 Sinhala Subtitles |රුසියාවම අඳුරු වීම| සිංහල උපසිරැසි සමග
Kis Kisko Pyaar Karoon 2 2025 Sinhala Subtitles | “ වයිෆ්ලා 3ක් එක්ක පවුල් කන අසරණ මෝහන් ” | සිංහල උපසිරැසි සමඟ
Affinity 2025 Sinhala Subtitles | “ සුදු මල් ” | සිංහල උපසිරැසි සමඟ
Omniscient Reader: The Prophecy 2025  Sinhala Subtitles | “ නවකතාවක සිරවුණු ලෝකයක්! ” | සිංහල උපසිරැසි සමඟ
Solitarium 2025 Sinhala Subtitles | “ තනිකමේ අරගලය ” | සිංහල උපසිරැසි සමඟ
Odiyangam 2025 Sinhala Subtitles | ඔඩියන් පරපුරේ අබිරහස් ආරම්භය | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published