What's happening?

Video Sources 160 Views Report Error

  • Watch trailer
  • Player 1
The Drama 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Drama 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Witness the wedding of the year.Mar. 26, 2026USA105 Min.R
Your rating: 0
9 1 vote

Synopsis

The Drama 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

මෙය අයත් වෙන්නේ Romantic Black Comedy සහ Psychological Drama කියන කාණ්ඩයන්ටයි. කතාව ගෙතෙන්නේ ඉතාමත් ආදරයෙන්, සතුටින් විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ජෝඩුවක් වටායි. ඒ තමයි එමා (Zendaya) සහ චාලි (Robert Pattinson). මෙයාලගේ විවාහයට තියෙන්නේ තව හරියටම සතියක් වගේ කාලයක්.
හැමදේම ලස්සනට සිද්ධ වෙමින් තියෙන අතරේ, එකපාරටම එළියට එන හිතාගන්න බැරි රහසක් නිසා මේ දෙන්නගේ සම්බන්ධය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙනවා. තමන් මෙච්චර කල් ආදරය කරපු කෙනාව තමන් ඇත්තටම අඳුරනවද කියන ප්‍රශ්නය මේ දෙන්නටම ඇතිවෙන්න ගන්නවා. විවාහය වෙනුවට, සැකය, අනාරක්ෂිතභාවය සහ හිරකරගෙන හිටපු ප්‍රශ්න එළියට එන හැටි මේ ෆිල්ම් එකෙන් බොහොම අපූරුවට, ඒ වගේම කළු හාස්‍යයක් (Dark Comedy) මුසු කරලා පෙන්වලා දීලා තියෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත කරන්නේ අපි කවුරුත් දන්න, මේ කාලයේ අතිශය ජනප්‍රිය තරුවක් වෙන Zendaya සහ The Batman චිත්‍රපටය හරහා අතිවිශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගත්ත Robert Pattinson විසිනුයි. මේ දෙන්නගේ රංගනයට මේ වෙද්දිත් ලොකු ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා. ඒ වගේම Alana Haim, Mamoudou Athie වැනි නළු නිළියනුත් මෙහි සහය චරිත වලට එක්වෙලා තියෙනවා.
අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kristoffer Borgli විසින්. මීට කලින් ආපු Dream Scenario (2023) සහ Sick of Myself (2022) වගේ වෙනස්ම විදියේ චිත්‍රපට නරඹලා තියෙනවා නම්, ඔහුගේ නිර්මාණ වල තියෙන ඒ අමුතුම මානසික හැලහැප්පීම් සහ හාස්‍යය ගැන ඔබට අදහසක් ඇති.
මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ වෙනස්ම විදියේ කතා තේමා ගෙනෙන, ඔස්කාර් සම්මාන පවා දිනාගත් A24 ආයතනය විසිනුයි. ඩොලර් මිලියන 28ක වගේ වියදමකින් හදපු මේ ෆිල්ම් එක මේ වෙද්දී ලොව පුරා ඩොලර් මිලියන 122කට වඩා ආදායමක් හොයලා, A24 ආයතනයේ සාර්ථකම චිත්‍රපට අතරට එකතු වෙන්න සමත් වෙලා තියෙනවා.
ඉතින්, සාමාන්‍ය ආදර කතාවකට වඩා එහා ගිය, මිනිස් මනසේ තියෙන සැකයන් සහ සබඳතා වල තියෙන සංකීර්ණ බව වෙනස්ම කෝණයකින් දකින්න කැමති අයට මේක අනිවාර්යයෙන්ම බලන්න කියල මම යෝජනා කරනවා.

Original title The Drama
IMDb Rating 7.5 40,059 votes
TMDb Rating 7 630 votes

Director

Cast

Similar titles

Anora 2024 Sinhala Subtitles | අනෝරා | සිංහල උපසිරැසි සමඟ
Gevi 2025 Sinhala Subtitles | “ගෙවි ගම්මාන” | සිංහල උපසිරැසි සමඟ
The Italian Job 1969 Sinhala Subtitles | රන් කොල්ලය. |සිංහල උපසිරැසි සමඟ
Single Salma 2025 Sinhala Subtitles | “ තනිකඩ සල්මාගේ ජරමර ” | සිංහල උපසිරැසි සමඟ
The Toxic Avenger Unrated 2025 Sinhala Subtitles | “විෂ විරුවා” | සිංහල උපසිරැසි සමඟ
Lake Jesup: Bonecrusher’s Revenge 2025 Sinhala Subtitles | “ විල කළඹන බෝන්ක්‍රෂර්ගේ පළිගැනීම ” | සිංහල උපසිරැසි සමඟ
Butta Bomma 2023 Sinhala Subtitles | “ආදරය වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ
Guardians 2017 Sinhala Subtitles |සෝවියට් දේශයේ සුපිරි වීරයෝ| සිංහල උපසිරසි සමග
Humint 2026 Sinhala Subtitles | රුසියානු දේශසීමාවේ ඇවිළෙන කොරියානු ඔත්තුකරුවන්ගේ සටන | සිංහල උපසිරැසි සමඟ
Good Fortune 2025 Sinhala Subtitles | “ ජීවිත මාරු කළ දේව දූතයා ” | සිංහල උපසිරැසි සමඟ
Light of the World 2025 Sinhala Subtitles | ලෝකයේ ආලෝකය සිංහල උපසිරැසි සමඟ
11:11 2025 Sinhala Subtitles | “ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් අල්ලේ නටවන අපරාධකාරයෙක් ” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published