
(Ying Yang Master : Dream of Eternity (2020) Sinhala Sub) ආයුබෝවන් සිනමා ලෝලී යාලුවො හැමකෙනෙක්ටම !.
කුතුහලය පිරුණ අභිරහස් කතා බලන්නත් අපේ යාළුවො කැමතියිනෙ. ඉතිං ඔන්න අද අරගෙන ආවෙ “චීන චිත්රපටයක්”.
විශේෂයෙන්ම කියන්න ඕනි චීන ඩ්රාමා, සිනමා ලෝලියෙක් විදියට මම මේ චිත්රපටය තෝරගත්තෙ වියට්නාම් සුපිරි නළු Mark Chao වගේම ජනප්රිය චීන සුපිරි නළු Deng Lun ප්රධාන චරිත නිරූපණය කරන නිසා.
ජපන් නවකතාවක් ආශ්රයෙන් හදපු මේ චිත්රපටය නම් චීන සිනමා ලෝලීන් අතර සෑහෙන්න ජනප්රිය වුණා. චිත්රපටයේ රූගත කිරීම් 2019 අවුරුද්දේ අගෝස්තු මාසෙදි වගේ පටන් අරගත්තත් නිශ්පාදන කටයුතු වෙනුවෙන් අවුරුද්දකටත් වඩා කාලය ගතකරන්න සිදුවෙලා තියෙනවා. කොරෝනා අවධානමෙන් මුළු ලෝකෙම වෙළා ගනිද්දී චීනයේ සිනමා කර්මාන්තයටත් ඒක තදින්ම බලපෑවා. කොහොම නමුත් පහුගිය 2020 වසරේ දෙසැම්බර් මාසයේදී මේ චිත්රපටය චීනයේ ආදායම් අතිනුත් සාර්ථක විදියට තිරගත වුණා විතරක් නෙවෙයි Netflix හරහා ලොවපුරා ප්රේක්ෂකයන්ටත් බලන්න අවස්ථාව උදාවුණා.
කතාව ගැන කිව්වොත් ‘චින්මින්ග් වගේම බෝයා’ කියන්නෙ නිකායන් දෙකක පූජකවරු දෙන්නෙක්. ඒත් මේ පූජකවරුන්ට පරම්පරාවෙන් පැවරිලා තියෙන රාජකාරියක් තියෙනවා. ඉතිං මේ දෙන්නත් ඒ පැවරුණ රාජකාරිය ඉෂ්ඨ කරන්න කියලා ඒ වැඩේට බැස්සට මොකද නොහිතපු විදියට මේ හැමදෙයක්ම උඩුයටිකුරු වෙනවා. ඒ අතරේ ආදරණීය කතාවකුත් මේ කතාවෙ තියෙනවා.
ඉතිං මෙතනින් එහාට නම් මං කතාව කියන්නෙ නෑ. ඔයාලම බලන්නකො.