
ස්පයිඩර්-මෑන්ගේ ප්රධානතම හතුරෙකු වශයෙන් හැඳින්වෙන වෙනම්, කැරැක්ට් එකට සොලෝ මූවී එකක් විදිහට ලයිව්-ඇක්ෂන් තුළින් මුලින්ම අපිට දැක බලාගන්න පුළුවන් වෙන්නෙ, ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක පිරිවැයකින් 2018 වසරේ Ruben Fleischer විසින් අධ්යක්ෂණය කෙරුණු Venom චිත්රපටය තුළිනුයි. ඒ හමුවේ Venom: Let there be Carnage නමින් එහි දෙවැනි චිත්රපටයද ඇමෙරිකන් ඩොලර් 110 ක පිරිවැයකින් නිමව 2021 වසරේදි නිකුත් වනවා. ඊට දින කිහිපයකට පසු Sony ආයතය විසින් Venom තෙවැනි චිත්රපටයක් නුදුරේදිම නිර්මාණය වන බව නිවේදනය කරනවා. ඒත් සමඟම 2024 ඔක්තෝම්බර් මස Venom තෙවැනි චිත්රපටය Venom: The Last Dance නමින් ඇමෙරිකන් ඩොලර් මිලියන 120 ක පිරිවැයකින් පසු සිනමාශාලා වෙත නිකුත් වෙනවා. මෙම වසරේ වැඩිම ආදායමක් ඉපයූ චිත්රපට ගොඩට Venom: The Last Dance චිත්රපටය වැටෙන්නෙ ලොව පුරා ආදායම ඩොලර් මිලියන 475.5 ක box office වාර්තාවක් පිහිටුවමින්. Sony ආයතනය මේ වෙනකොට නිවේදනය කරලා තියෙනවා, ස්පයිඩර් මෑන් නැති Spin-off චිත්රපට හෝ කතාමාල නවතා දමන බවටත්. ඉදිරියට ඒ නිර්මාණ පිළිබඳ කිසිඳු සැලැස්මක් නැති බවත්. ස්පයිඩර්-මෑන් නැති Sony ආයතනයේ චිත්රපට හයක් මේ වෙද්දි නිර්මාණය වෙලා තියෙනවා. Venom trilogy එකත්, Madame Web සහ මේ මස නිකුත් වූ Kraven the hunter චිත්රපටයත්.
Venom: The Last Dance (2024) Sinhala Subtitle
Venom: The Last Dance චිත්රපටයේ කොමික් පසුබිම ගැන පොඩි විස්තරයක්. මේක කොමික් ස්ටෝරියක direct adaptation එකක් නොවෙන නිසා මේකේ කතාව ගැන නම් විස්තරයක් කියන්න නෑ. ඒත් මේකේ අපට බලාගන්න පුළුවන්, අලුතෙන් හඳුන්වාදෙන ප්රධාන චරිත කීපයක වතගොත කියන්නම්.
Venom: The Last Dance (2024) Sinhala Subtitle
Knull AKA King in Black / God of the Symbiotes
ෆිල්ම් එකේ ප්රධාන දුෂ්ටයා විදියට අපට බලාගන්න පුළුවන් වෙන්නේ Knull හෙවත් King in Black වයි. එයා තමයි වෙනම් ගේ පස්සෙන් ක්ලින්ටාර් (සිම්බියොට්ලගේ ග්රහලෝකය) වල සිම්බියොට්ලගේ විලෝපිකයා වන Xenophage ලා වෙනම් ගේ පස්සෙන් එවන්නේ.
Venom: The Last Dance (2024) Sinhala Subtitle

මාතෘකාවේ තියෙන විදියටම Knull ව සලකන්නේ සිම්බියොට්ලගේ දෙවියන් විදියටයි. මොකද එයා තමයි All-Black නම් පළවෙනි සිම්බියෝට්ව නිර්මාණය කරපු කෙනා. ඒවගේම සිම්බියොට්ලගේ hive mind එක මැද්දේ ඉඳන් හැම සිම්බියොට් කෙනෙක්වම පාලනය කිරීමේ බලයත් ක්නල්ට තියෙනවා. මේ නිසා සිම්බියොට්ලා මෙයාව “King in Black” විදියට නම් කරනවා. Knull ගේ බලයන් ගැන කතා කළොත් superhuman abilities, shapeshifting, shadow manipulation, symbiote manipulation සහ immortality ආදී බලයන් රැසක් Knull ට තියෙනවා. මීට අමතරව සෙලෙස්ටියල් කෙනෙක්ව වුණත් මරන්න පුළුවන් තරම් බලයක් තියෙන, Marvel විශ්වයේ බලගතු ම ආයුධවලින් එකක් වන Necrosword එක නිර්මාණය කරන්නෙත් මෙයා තමයි. අපට MCU එකේ Necrosword එක දකින්න හම්බවුණා Thor: Love and Thunder චිත්රපටයෙන්.
Knull ගේ ප්රකාශන ඉතිහාසය ගැන කිව්වොත් මෙයාව මුලින්ම හඳුන්වා දෙන්නේ 2013 දී Thor: God of Thunder #06 වෙනි කලාපයෙනුයි. ඒත් මේකේ අපට මෙයා හරියටම කවුද කියලා කියන්නේ නෑ. පළවෙනි full appearance එක අපට දකින්න ලැබෙන්නේ ඊට අවුරුදු 5කට පස්සේ නිකුත්වුණු Venom volume 4 එකේ #03 වෙනි කලාපයෙන්. මෙයාව නිර්මාණය කරන්නේ Donny Cates සහ Ryan Stegman.
ඉතින් ප්රධාන වශයෙන් Knull ගැන කියන්න තියෙන්නේ ඔච්චරයි. Knull ට අමතරව අපට මේ චිත්රපටියේ Carnage ගේ පුතා වන Toxin, Lasher, Agony ආදී තවත් සිම්බියොට්ලා කීප දෙනෙක් බලාගන්න පුළුවන්.