What's happening?

Video Sources 88 Views Report Error

  • Player 01
  • Player 02

Special Ops 2020 Sinhala Subtitles: 1x2

Guide

මේකනම් ඉන්දියන් වෙබ් සීරීස් එකක් තමයි.ගොඩක් අය ඉන්දියන් සීරීස් බලන්න කැමති නැතුව ඇති.මොකද හැමෝම කියන්නෙ ඒවා වැඩක් නෑ, කිසි ගැම්මක් නෑ කියලනෙ. හැබැයි ඉතින් මීට කලින් ඉන්දියන් සීරීස් එකක් බලලා තියෙන අය දන්නවා ඇති කොහොමද මේවගෙ ගැම්ම කියලා. වැඩිය ඕන නෑ මීට කලින් අරන් ආපු “Hostages” කතා මාලවම ගමුකො. අන්න ඒ වගේම ගැම්මක් මේ කතා මාලාවෙත් තියෙනවා. මේකත් “Hotstar” එකේම වැඩක් තමයි. Hostages එකේ වගේම ත්‍රාසය, භීතිය, කුතුහලය එහෙම් පිටින්ම මේකෙත් තියෙනවා. අන්න ඒ හින්දයි මේක බලන්නම වටින එකක් කියලා කියන්නෙ. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව මේ කතා මාලාව ගැන පොඩි විස්තරයක් දැනගන ඉමුකො.

IMDb මීටරේ පැත්තට හැරුණොත් මේ කතා මාලාව IMDb 9.4 ඉහළ අගයක් ගන්න සමත්වෙලා තියෙනවා වගේම 98% ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්ත ගන්නත් සමත් වෙනවා. 2019 ජනවාරි මාසයේදි තමයි Hotstar එක නිවේදනය කරේ මේ කතා මාලාව නිර්මාණය කරනවා කියලා. මේ කතා මාලාව නිර්මාණය කරන්න “නීරාජ් පාණ්ඩේ” වගේ ගොඩක් ජනප්‍රිය ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයින් යොදාගන තියෙනවා.

මෙම කතා මාලාව පැය අටක කතාවක් විදිහට තමයි නිර්මාණය වෙන්නෙ. ඒ වගේම කියන්න ඕන මේ කතා මාලාවෙ කොටස් අටක් විදිහට තමයි නිර්මාණය කරන්නෙ. ඒ කියන්නෙ මේ සම්පුර්ණ කතා මාලාවම පැය අටක් වගේ තමයි තියෙන්නෙ.

මේ කතා මාලාවෙ නිෂ්පාදන කටයුතු 2019 අගෝස්තු මාසයේදි “Kay Kay Menon” ගෙ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙනවා. අගෝස්තු මැද භාගය වන විට ඔවුන් “Kali Prasad Mukherjee, Pawan Chopra” සහ “Sharad Kelkar” වැනි ප්‍රකට නළුවන් එක්ක ප්‍රධාන චරිත නිරූපණය කරා.

2019 අගෝස්තු මාසයේදි ආරම්භ වුණ මේ කතා මාලාව 2001 ඉන්දියානු පාර්ලිමේන්තු ප්‍රහාරක කොටස් රූගත කරන්න ඉන්දියානු පාර්ලිමේන්තුව ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ඒක තමයි ඉන්දියානු චිත්‍රපට ඉතිහාසයේ ප්‍රතිනිර්මාණයක් කරලා තියෙන පළවෙනි වතාව. ඉන්දියාව ඇරුණම මේ කතා මාලාව ප්‍රදර්ශනය “තුර්කිය, ජෝර්දානය” සහ “අසර්බයිජානය” යන රටවල රූගත කරලා තියෙනවා.

ඉතින් මේ කතා මාලාවෙ දෙවනි කොටස ගැන කිව්වොත් කාරාචි වල ඉන්න වසීම් කරාච්චිවාලා ගැන තමයී මේකෙන් වැඩි හරියක් කතා වෙන්නේ, RWA එකේ අය අලුත් සාමාජිකයෙක් ව හොයා ගන්නවා.එයා කවුද කියලා බලන්නකෝ….එයාට Mission smiley එක බාර දෙනවා..එයාගෙ Mission එක මොන වගේ ද කියලා බලාගන්න පුලුවන් වෙන්නේ මේකෙන් තමයි

Special Ops: 1×2 Sinhala Subtitles | ස්මයිලි මෙහෙයුම | සිංහල උපසිරැසි සමඟ
Mar. 17, 2020

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published