What's happening?

Video Sources 67 Views Report Error

  • Player 01
  • Player 02

Special Ops 2020 Sinhala Subtitles: 1x3

Mughal-E-Azam

මේකනම් ඉන්දියන් වෙබ් සීරීස් එකක් තමයි.
ගොඩක් අය ඉන්දියන් සීරීස් බලන්න කැමති නැතුව ඇති. මොකද හැමෝම කියන්නෙ ඒවා වැඩක් නෑ, කිසි ගැම්මක් නෑ කියලනෙ. හැබැයි ඉතින් මීට කලින් ඉන්දියන් සීරීස් එකක් බලලා තියෙන අය දන්නවා ඇති කොහොමද මේවගෙ ගැම්ම කියලා.👌😍වැඩිය ඕන නෑ මීට කලින් අරන් ආපු “Hostages” කතා මාලවම ගමුකො.😋 අන්න ඒ වගේම ගැම්මක් මේ කතා මාලාවෙත් තියෙනවා. මේකත් “Hotstar” එකේම වැඩක් තමයි. Hostages එකේ වගේම ත්‍රාසය, භීතිය, කුතුහලය එහෙම් පිටින්ම මේකෙත් තියෙනවා. අන්න ඒ හින්දයි මේක බලන්නම වටින එකක් කියලා කියන්නෙ. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව මේ කතා මාලාව ගැන පොඩි විස්තරයක් දැනගන ඉමුකො.(Special Ops 2020 S01 E03 Sinhala Subtitles)

IMDb මීටරේ පැත්තට හැරුණොත් මේ කතා මාලාව IMDb 8.9 ඉහළ අගයක් ගන්න සමත්වෙලා තියෙනවා වගේම 98% ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්ත ගන්නත් සමත් වෙනවා. 2019 ජනවාරි මාසයේදි තමයි Hotstar එක නිවේදනය කරේ මේ කතා මාලාව නිර්මාණය කරනවා කියලා. මේ කතා මාලාව නිර්මාණය කරන්න “නීරාජ් පාණ්ඩේ” වගේ ගොඩක් ජනප්‍රිය ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයින් යොදාගන තියෙනවා. මෙම කතා මාලාව පැය අටක කතාවක් විදිහට තමයි නිර්මාණය වෙන්නෙ. ඒ වගේම කියන්න ඕන මේ කතා මාලාවෙ කොටස් අටක් විදිහට තමයි නිර්මාණය කරන්නෙ. ඒ කියන්නෙ මේ සම්පුර්ණ කතා මාලාවම පැය අටක් වගේ තමයි තියෙන්නෙ.

මේ කතා මාලාවෙ නිෂ්පාදන කටයුතු 2019 අගෝස්තු මාසයේදි “Kay Kay Menon” ගෙ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙනවා.
අගෝස්තු මැද භාගය වන විට ඔවුන් “Kali Prasad Mukherjee, Pawan Chopra” සහ “Sharad Kelkar” වැනි
ප්‍රකට නළුවන් එක්ක ප්‍රධාන චරිත නිරූපණය කරා.

2019 අගෝස්තු මාසයේදි ආරම්භ වුණ මේ කතා මාලාව 2001 ඉන්දියානු පාර්ලිමේන්තු ප්‍රහාරක කොටස් රූගත කරන්න ඉන්දියානු පාර්ලිමේන්තුව ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා.
ඒ වගේම ඒක තමයි ඉන්දියානු චිත්‍රපට ඉතිහාසයේ ප්‍රතිනිර්මාණයක් කරලා තියෙන පළවෙනි වතාව.
ඉන්දියාව ඇරුණම මේ කතා මාලාව ප්‍රදර්ශනය “තුර්කිය, ජෝර්දානය” සහ “අසර්බයිජානය” යන රටවල රූගත කරලා තියෙනවා.

“Special Ops” 03 වන කතා මාළාවෙ ස්ටෝරි එක ගැන බැලුවොත්………………

වසීම් කරච්චිකාරයව අත් අඩංගුවට ගන්නා ෆාරුක් අලි හා කණ්ඩායමට වසීම්ගෙන් තොරතුරු අබා ගැනීමට පෙර ඔහු මරනයට පත්වෙනවා.
ඒ සමගම ඔවුන්ව ඩුබායි පොලීසිය මෙන්ම ISIS සංවිධානයව් විසින්ද සොයන්න පටන් ගන්නවා.
හිමත් සිං විසින් ඔවුන්ගේ ස්ථාන වෙනස් කලත් එයින් මොවුන්ට ගැලවීමට හැකි වේවිද ? වසීම් කරච්චිකාරයා කාවද ඩුබහි හමුවෙන්නේ කියා සොයා ගැනීමට හැකි වේවිද ? මේ කුතුහලය සමග ආරම්භ වන මේ කොටස බලලම ඉන්න .

එහෙනම් ඉතින් පළවෙනි කොටසෙ ඉඳන් අවසාන කොටසට යනකම්ම සිංහල උපසිරසි සිනෙරූ වෙබ් අඩවියෙන් ඔය හැමෝටම සිංහල උපසිරැසිය ලබාගන්න පුළුවන්.
එහෙනම් ඉතින් මේ අපූරු කතා මාළාවත් නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මම නවතිනවා.👊

Special Ops: 1×3  Sinhala Subtitles | ISIS | සිංහල උපසිරැසි සමඟ
Mar. 17, 2020

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published