
කතාව යන්නේ “මයික් ඩේවිස්” කියන අද්භූත වගේම ගොඩක් සැලසුම් සහගතව වැඩ කරන දක්ෂ හොරෙක් වටා. එයා ලොස් ඇන්ජලීස් වල තියෙන “Route 101” කියන අධිවේගී මාර්ගය ආශ්‍රිතව වටිනා දේවල් මංකොල්ලකනවා. මෙයාගෙ පස්සෙන් පන්නන්නේ “ලූ ලුබෙස්නික්” කියන පොලිස් රහස් පරීක්ෂකයා. ලූ කියන්නේ තමන්ගේ පෞද්ගලික ජීවිතේ ප්‍රශ්න තියෙන, හැබැයි මේ හොරාව අල්ලන්නම ඕනේ කියන දැඩි අධිෂ්ඨානයෙන් ඉන්න කෙනෙක්. මේ අතරට Halle Berry සහ Barry Keoghan ගේ චරිතත් එකතු වෙද්දී කතාවේ කුතුහලය තවත් වැඩි වෙනවා.
මේකේ Cast එක ගැන කතා කරොත්
මේක පෙබරවාරි 13 වෙනිදා සිනමාශාලා වලට ආවත්, Box Office එකේදී ලොකු ආදායමක් හොයන්න නම් මේකට බැරි වුණා (ඩොලර් මිලියන 90ක බජට් එකකින් මිලියන 71ක් වගේ තමයි හෙව්වේ). ඒ නිසාම හිතුවට වඩා ඉක්මනින්, ඒ කියන්නේ 2026 අප්‍රේල් 1 වෙනිදා ඉඳන් මේක Amazon Prime Video හරහා අන්තර්ජාලයට නිකුත් කරලා තියෙනවා.