
ඇත්තටම මේක සාමාන්‍ය හොල්මන් ෆිල්ම් එකක් නෙවෙයි. මේක ඔයාගේ හිත සසල කරවන, “මොකක්ද මේ වෙන්නේ?” කියලා හිතෙන ජාතියේ Mind-bending ෆිල්ම් එකක්.
කතාවේ ප්‍රධාන චරිතය තරුණ වයසේ ගෑනු ළමයෙක් (Babysitter කෙනෙක්). ඇයට භාර වෙනවා පොඩි ළමයෙක්ව බලාගන්න. ලේසි වැඩක් වගේ පෙනුණට, Playground එකේදී එකපාරටම ඒ ළමයාව අතුරුදන් වෙනවා!
එතනින් පස්සේ තමයි සෙල්ලම පටන් ගන්නේ. ඒ Playground එකේ ඉන්න ළමයි දිහා කවුරුහරි (නැත්නම් මොකක් හරි) අද්භූත බලවේගයක් බලාගෙන ඉන්නවා වගේ ඇයට දැනෙන්න ගන්නවා. ඒත් එක්කම ඇත්ත මොකක්ද, හීනය මොකක්ද කියලා හිතාගන්න බැරි විදිහට Reality එක blur වෙන්න ගන්නවා. Spoiler දෙන්නේ නෑ, ඒත් අන්තිමට එන Twist එක ගැන නම් හිතාගන්නවත් බැරි වෙයි!
Xochitl Gomez: Doctor Strange එකේ America Chavez විදිහට දැකපු ඇයව මෙතනදී දකින්නේ සම්පූර්ණ වෙනස්ම විදිහට. බය, ව්‍යාකූල බව සහ අභියෝග වලට මුහුණ දෙන හැටි ඇය සුපිරියටම රඟපානවා!
A strict, anxious teenager loses the child she’s babysitting and must brave a sinister force hiding in plain sight among the children in the playground. As her world unravels and her grip on reality starts to slip, she must outwit a world where nothing is as it seems to make it out alive.