What's happening?

Video Sources 242 Views Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
Sonic the Hedgehog 3 2024  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sonic the Hedgehog 3 2024  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

New adventure. New rival.Dec. 19, 2024USA110 Min.PG
Your rating: 0
8 1 vote

Synopsis

Sonic the Hedgehog 3 2024  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

සොනික් Phase 1,2,3,4 සඳහා අයත් වන නිර්මාණ පෙළගැස්ම

කලින් Sonic ෆිල්ම් දෙක තුලින් චරිත කිහිපයක්ම හඳුන්වලා දුන්නා වගේම ඒ ගැන කලින් චිත්‍රපට දෙක ගෙනාපු අපේ සහෝලා දෙන්නා විස්තර කරලා තියෙන නිසා මම තුන්වෙනි ෆිල්ම් එකේ චරිත ගැන විතරක් කතා කරන්නම්. පළමු වතාවට Sonic ලයිව් ඇක්ෂන් පෙනී සිටින ප්‍රධාන චරිත කීපයක්ම මේ චිත්‍රපටයෙ ඉන්නවා. ඉතිං මේ චරිත අතරින් ෆිල්ම් එකේ ට්‍රේලර් එක නිකුත් වෙන්න කලින් ඉඳන්ම කතා බහට ලක්වුන චරිතයක් තමයි ෂැඩෝ (Shadow) කියන්නේ. විශේෂයෙන්ම දෙවෙනි චිත්‍රපටයේ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකෙන් මේ චරිතේ පෙන්නපු වෙලාවේ ඉඳන්ම සොනික් රසිකයෝ බලාගෙන හිටියේ ෂැඩෝව බලන්න කියන එක නොරහසක්. ඒ වගේම ෂැඩෝට හඬ දායකත්වය ලබා දුන්නේ ලෙජන්ඩරි ජෝන් වික් මහත්මයා නොහොත් Keanu Reeves කියලා දැනගත්තම සොනික් ෆෑන්ස්ලා තවත් උද්දාමයට පත් උනා. ෂැඩෝ කියන්නෙ සොනික් යුනිවර්ස් එකේ ඉන්න ෆෑන් ෆේවරිට්ම චරිතයක්. ඇත්තටම කිව්වොත් සොනික්ට වඩා වැඩි ෆෑන් බේස් එකක් ශැඩෝට ඉන්නවා. ඒ නිසා අපි මේ ශැඩෝ කියන්නේ කවුද කියලා පොඩ්ඩක් බලලා ඉමු.

2001දී නිකුත් උන Sonic Adventure 2 කියන ෆ්ලැට් ෆෝම් ගේම් එක ඔස්සේ තමයි අපිට පළමුවෙන්ම ෂැඩෝ කියන චරිතය හම්බෙන්නේ. මේ චරිතය නිර්මාණය කරන්නේ Takashi Iizuka සහ Shiro Maekawa විසින්. ෂැඩෝ කියන්නේ සොනික්ගේ ලෝකයේ ඉන්න Mobian කියන සාමාජික වර්ගයට අයත් ඉත්තෑවෙක්. මෙයාලා ඉන්න ග්‍රහලෝකයෙදි මේ වර්ගය ගොඩබිම, ජලයේ, විවිධ දූපත් වල සහ රාජධානිවල එක එක විදියට ජීවත් වෙනවා. ඒත් කොහොමින් හරි රොබෝ ටික්කාගෙ ආධිපත්‍යය හැමතැනම ව්‍යාප්ත වෙද්දි මේ හැම මෝබියන් කෙනෙක්ම තර්ජනයට ලක්වුනා. සමහර mobiansලා තමන්ගෙ කැමත්තෙන් රොබෝටික්කගේ වහල්ලුන් බවට පත්වුනා. නමුත් සමහර මෝබියන්ලා කැරලි එහෙමත් ගැහුවා.

රොබෝටික්කගේ සීයා වෙන මහාචාර්ය ජෙරාල්ඩ් රොබෝට්නික් තමයි ජාන ඉංජිනේරු තාක්ෂණය පාවිච්චි කරලා ශැඩෝව නිර්මාණය කරන්නේ. ඇත්තටම ශැඩෝව නිර්මාණය වෙන්නේ මහාචාර්ය ජෙරාඩ්ගේ මිනිබිරිය වෙන මරියාව මාරාන්තික රෝගයකින් බේරගන්න බෙහෙතක් නිෂ්පාදනය කරන්න අත්හදා බලපු Project Shadow කියන වැඩසටහනේ ප්‍රතිපලයක් විදියටයි. ජෙරාඩ් මේ අත්හදා බැලීම කරන්නේ Black Arms කියල හඳුන්වන ජීවින්ව පාලනය කරපු Black Doom කියන නායකයගෙ DNA අරගෙනයි. මේ Black Arms කියන්නේ හරිම ප්‍රචන්ඩකාරි නපුරු අදහස් තියෙන කොටසක්. ඉතිං එයාලගේ කොටසක් විදියට නිර්මාණය වෙන ෂැඩොත් ප්‍රචණ්ඩ වෙන එක අහන්න දෙයක් නෙමෙයිනේ. මේ අස්සේ මාරියාගේ ජිවීතය බේරගන්න නිර්මාණය උන ෂැඩෝ සහ මාරියා අතර පොඩි මෙව්වා එකකුත් ඇති වෙනවා. ෂැඩෝගේ ප්‍රචණ්ඩ බව නිසා එයාව තර්ජනයක් කියලා සලකන Guardian Units of Nations නොහොත් G.U.N සංවිධානය මරියා සහ ෂැඩෝ ඉන්න අභ්‍යාවකාශ ජනපදය වැටලීමක් සිදු කරනවා. ඒ වෙලාවෙදි මරියා කොහොමහරි ගලවාගැනීමේ යානයක දාලා ෂැඩෝව පෘතුවියට එවනවා වගේම ඒ වෙලාවෙදි මරියට ජීවිතෙන් වන්දි ගෙවන්න සිදුවෙන විදියත් ශැඩෝ දකිනවා. මරියගේ මරණයෙන් කම්පනය වෙලා ඉන්න ෂැඩෝව හොයාගන්න G.U.N සංවිධානය සජීවිකරණය කරලා ජපානයේ ටෝකියෝ මුහුදු බොක්කේ තියෙන G.U.Nලගේ බන්ධනාගාර දූපතේ ද්‍රාවණ කුටියක රඳවලා තියාගෙන ඉන්නවා. ඊට අවුරුදු 50කට පස්සේ මහාචාර්ය ජෙරාල්ඩ්ගේ මුනුපුරා වෙන අයිවෝ රොබෝට්නික් හෙවත් රොබෝටික්කා ඇවිත් ශැඩෝව නිදහස් කරන තෙක්ම ශැඩෝ හිටියේ මේ සජීවිකරණ කුටියේ තමයි.

ෂැඩෝගේ බලයන් ගැන අපි බැලුවොත් මෙයා ඇත්තටම සොනික්ට වඩා වැඩ්ඩෙක්. ශැඩෝ දාගෙන ඉන්න රොකට් ස්කේට් කියල හඳුන්වන සපත්තු දෙක නිසා මෙයාට සොනික්ටත් වඩා වේගයකින් ගමන් කරන්න පුළුවන්. ඒ වගේම මේකෙන් ජෙට් එක වගේ එහා මෙහා යන්නත්, උඩ ඉන්නත් ශැඩෝට පුළුවන්. ඔයාලට ෆිල්ම් එකේදී ශැඩෝගේ තව වැඩ කිඩ බොහෝමයක් බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම ශැඩෝගේ අත් දෙක දිහා බැලුවම ඔයාලට පෙනෙයි මෙයා වළලු 4ක් දාගෙන ඉන්නවා. මේ වළලු ගැලෙව්වොත් මෙයාගේ සම්පූර්ණ බලය පාවිච්චි කරන්න පුළුවන් වෙනවා වගේම මෙයාව කාටවත් නවත්තන්න බැරි වෙනවා. ශැඩෝගේ ඒ සුපිරි බලය සීමා කරගන්න තමයි මෙයා ඒ වළලු පාවිච්චි කරන්නෙ. ෂැඩෝට පුළුවන් තමන්ගේ බලය පාවිච්චි කරලා එක එක විදියට ට්‍රාන්ස්ෆෝම් වෙන්න. මේ ලිපිය ලියන වෙලාවේ මම තාම ෆිල්ම් එක බලලා නැති නිසා මෙයාගේ හැම ට්‍රාන්ස්ෆෝම් එකක්ම පෙන්නනවද නැද්ද කියලා දන්නේ නෑ. ඒ වගේම ශැඩෝ ටෙලිපෝර්ට් වෙන බලය ලබාගන්නෙත් එයාගේ ට්‍රාන්ස්ෆෝම් වලින් එකක් වෙන Chaos Shadow කියන බලය නිසයි. ඊට අමතරව Super Shadow, Hero Shadow, Dark Shadow කියලා වෙනස් විදියේ ට්‍රාන්ස්ෆෝම් බලයනුත් මෙයාට තියෙනවා.

ඉතිං මේ ෆිල්ම් එකේදී ශැඩෝට හඬකවන්නෙ හොලිවුඩ්වල ඉන්න නිහතමානී දක්ශයෙක් වෙන Keanu Reeves බව ඔයාලා දන්නවනේ. ඊට අමතරව James Marsden ටොම් වචෝවොස්කි ලෙසත්, Tika Sumpter ටොම්ගේ බිරිඳ ලෙසත්, Lee Majdoub ජිරිබිරිස් නොහොත් ඒජන්ට් ස්ටෝන් ලෙසත්, Alyla Browne මරියා රොබෝට්නික් ලෙසත් එක් වෙනවා. ඒ වගේම මෑතකදී රංගනයෙන් සමුගන්න බව ප්‍රකාශ කරපු සුපිරි හොලිවුඩ් නළු Jim Carrey බොසා චිත්‍රපටයට එක් වෙන්න කලින් බොහෝම අපූරු ඉල්ලීමක් කලා. ඒ තමන්ගෙ චරිතේ නැවත නිරූපණය කරන්නේ තමන්ට “ගෝල්ඩන් ස්ක්‍රිප්ට්” එකක් දුන්නොත් විතරයි කියලා ඔහු චිත්‍රපට අධ්‍යක්ෂක ජෙෆ් ෆවුලර්ට කියලා තියෙනවා. ඒ නිසා ෆවුලර් විසින් සොනික් 3 පිටපත කැරට් 24 තීන්තයකින් මුද්‍රණය කරලා ජිම් එවලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ සංතෝසෙටද කොහෙද Jim Carrey රොබෝටික්කා වගේම ජෙරල්ඩ් රෝබෝට්නික් විදියට සුපිරි ද්විත්ව රංගනයක නියැලෙන විදිය ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම සොනික්ගේ හිතවත් සගයා වෙන ටේල්ස් ලෙස Colleen O’Shaughnessey සහ වලියට බර රණශූර එකිඩ්නාවරයා වෙන නකල්ස් විදියට Edris albaත් අපේ සුපිරි වීරයා සොනික් විදියට Ben Schwartz තම හඬ දායකත්වය ලබා දෙනවා.

කලින් චිත්‍රපට දෙක වගේම මේකත් අධ්‍යක්ෂනය කරන්නේ Jeff Fowler විසින්. ප්‍රේක්ෂක ප්‍රසාදය නොමඳව හිමි කරගත්ත සොනික් 3 මේ වෙද්දි 7.2ක IMDb අගයක් සහ 86%ක කුණු තක්කාලි අගයකුත් වගේම 94%ක දැවැන්ත ගූගල් මනාපත් හිමිකරගන්න සමත් වෙලා තියෙනවා. පසුගිය දෙසැම්බර් 20 ප්‍රදර්ශනය ඇරඹූ Sonic The Hedgehog 3 බොක්ස් රජ ගමනක යෙදෙමින් මේ වනවිට ඩොලර් මිලියන 336ක ආදායමක් ලබාගෙන චිත්‍රපට මාලාවේ දෙවන වැඩිම ආදායම සනිටුහන් කර තිබෙනවා. මේ ආදායම ලබාගන්න සොනික්ට Moana 2, Kraven The Hunter, Wicked, Mufasa සහ Gladiator 2 වගේ දැවැන්ත නිර්මාණ සමඟ තරග කරන්න සිදු උනා. නමුත් දෙසැම්බර් මස අවසාන ආදායම අතින් තෙවෙනි තැන ලබාගන්නත් වසර අවසානයේ බොක්ස් ඔෆිස් ආදායම් අතර 17 වන ස්ථානය ලබාගන්නත් සොනික් 3 චිත්‍රපටයට හැකි වෙනවා. ඒ වගේම පසුගිය ජනවාරි 05 වෙනිදා චිත්‍රපටය බෙදා හරින ලද පැරමවුන්ට් සමාගම නිවේදනය කලේ Sonic චිත්‍රපට මාලාව ලොවපුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් බිලියනයක ආදායමක් වාර්තා කල බවයි.

එහෙනම් ඉතිං තවත් කියවලා ලිපිය දික් ගස්සන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. රොබෝ ටික්කගෙ සීයා වෙන Gerald Robotnik වගේම රොබෝ ටික්කගෙ ඥාති සහෝදරියක් වෙන කෙනෙක් වෙන Maria Robotnik වත් මේ චිත්‍රපටයේ බලාගන්න පුළුවන් බව දැනටමත් අපි දන්නවා. ඉතිං ශැඩෝගේ අර ශැඩෝගෙයි මාරියාගෙයි බැඳීම ඇති වෙන්නේ කොහොමද? අපේ වීරයා වෙන සොනික් මේ අළුත් බලවත් තර්ජනයට කොහොම මූණ දෙයිද? ට්‍රේලර් එකේ දැක්ක විදියට ශැඩෝව හිරකරල තිබ්බේ ඇයි? සොනික් සහ යාළුවෝ සෙට් එකට මොන වගේ දේවල් වලට මූණ දෙන්න වෙයිද කියලා අපි බලමු. සොනික් සහ ෂැඩෝ අතර සුපිරි ගැටුමක් අපිට මේ චිත්‍රපටයෙදි බලාගන්න පුළුවන් කියන එකනම් මම ඔයාලට සහතික වෙනවා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේක පවුලේ හැමෝටම නරඹන්න පුළුවන් විනෝදජනක ෆිල්ම් එකක් නිසා ඔයාලා වරද්දන්නේ නැතුව ෆිල්ම් එක බලන්න.

Sonic the Hedgehog 3 2024  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sonic the Hedgehog 3 2024  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sonic the Hedgehog 3 2024  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sonic the Hedgehog 3 2024  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sonic the Hedgehog 3 2024  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sonic the Hedgehog 3 2024  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sonic the Hedgehog 3 2024  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sonic the Hedgehog 3 2024  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sonic the Hedgehog 3 2024  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sonic the Hedgehog 3 2024  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title Sonic the Hedgehog 3
IMDb Rating 6.9 77,729 votes
TMDb Rating 7.623 3,149 votes

Director

Jeff Fowler
Director

Cast

Jim Carrey isIvo Robotnik / Gerald Robotnik
Ivo Robotnik / Gerald Robotnik
Ben Schwartz isSonic (voice)
Sonic (voice)
Keanu Reeves isShadow (voice)
Shadow (voice)
Idris Elba isKnuckles (voice)
Knuckles (voice)
Lee Majdoub isAgent Stone
Agent Stone
Krysten Ritter isDirector Rockwell
Director Rockwell

Similar titles

Ip Man 2 2010 Sinhala Subtitles | “ බොක්සිං vs කුං ෆු ” | සිංහල උපසිරැසි සමඟ
Holy Night: Demon Hunters 2025 Sinhala Subtitles | “යක්ෂයන් දඩයම” | සිංහල උපසිරැසි සමඟ
K.O. 2025 Sinhala Subtitles | “කේ.ඕ. / නොක්අවුට්” | සිංහල උපසිරැසි සමඟ
The Family Plan 2 2025 Sinhala Subtitles | “පවුලේ මෙහෙයුම 2” | සිංහල උපසිරැසි සමඟ
Yadang: The Snitch 2025 Sinhala Subtitles | “ යාදං ” | සිංහල උපසිරැසි සමඟ
Transformers: Dark of the Moon 2011 Sinhala Subtitle | අඳුරු සඳේ සැඟවුන රහස.. | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – Fallout 2018 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hello! 2017 Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතිය සොයා… | සිංහල උපසිරැසි සමඟ
Lake Jesup: Bonecrusher’s Revenge 2025 Sinhala Subtitles | “ විල කළඹන බෝන්ක්‍රෂර්ගේ පළිගැනීම ” | සිංහල උපසිරැසි සමඟ
G.I. Jane 1997 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Siege 2023 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
G.I. Joe: Retaliation 2013 with Sinhala Subtitles | වීරයන්ගේ පළිගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published