
ෆිල්ම් එක ගැන කියනවා නම්, මෙය නිකුත් වුයේ 2010. මෙය imdb දර්ශකයේ 6.8ක ප්රමාණයක් ලබාගෙන තියනවා. මෙය ක්රියාදාම, ත්රාසජනක වර්ගීකරණයට අයත් වෙනවා. මෙහි ප්රදාන චරිතයට පන පොවන්නේ අප කව්රුත් දන්නා Liam Neeson (හැනිබල්). මිහිහා වයසයි තමයි, ඒත් වැඩකාරයෙක් තමා.
මෙහි කතාව ගැන කියනවා නම්, ඇමරිකන් ආමි එකේ 4 දෙනෙක්ගේ කණ්ඩායම ගැනයි තියෙන්නේ. එම කණ්ඩායම් හැදින්වුයේ ඒ ටීම් හෙවත් ඇල්ෆා ටීම් ලෙසයි. විශේෂත්වය වන්නේ මෙම සෙබළුන් 4 දෙනාම රේන්ජර්සලා වීමයි. තවද මෙම කණ්ඩායමේ නායකයා තමයි කර්නල් හැනිබල්. අනිත් තුන්දෙනා ගැනනම් කියලා වැඩක් නෑ. ඒ අය තමා ෆේස්, මර්ඩොක් හා බාරාකස්. මෙම සෙබළුන් 4 දෙනාම හමු වෙන හැටිත් ෆිල්ම් එකේ තියනවා. මෙහි හැනිබල් ගහන ප්ලෑනක් කවදාවත් වරදින්නේ නෑ. අනිත් කෙනා තමයි සුපිරි ජෝකර් මර්ඩොක්, මිනිහට ප්ලේන් එකක් හෙලිකොප්ටරයක් පෙන්නන්න බෑ. මෙහි එක අවස්තාවක ඔහු හෙලිකොප්ටරයක් අනික් පැත්තට කරකෝනවා. ඊළඟට ෆේස්, මිනිහට ගෑණු පෙන්නන්න බෑ. කොහෙගියත් ගෑනියෙක්ව යාලු කරගන්නවා. ඔන්න වලියක් නම් බරාකස්. මෙයා නම් සුපිරියටම නෙලනවා. ඔන්න දැන් කණ්ඩායම ගැන කිව්වනේ. මොවුන් බැග්ඩෑඩ් වල ප්ලේට් වගයක් උස්සන්න ගිහිල්ලා මෙහෙයුම හරියට කෙරුවත් මොවුන්ට යුධ අධිකරණයට යන්න වෙනවා. ඊට පස්සේ මොනාද වෙන්නේ කියලා බාගෙනම බලන්නකෝ.
බානගමන් මොනා හරිත් ලියලා යන්න. ඒවගේම මතක් කරන්න ඕනා විකියා සහෝව මගේ සබ් පලකිරීමට උදව් කිරීම නිසා ඔහුට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනා.
මීට පෙර පළකල ලිපිය.
මැක්සා බයිස්කෝප් එකක්. පට්ට පතුරු. ක්රියාදාම චිත්රපටි නරඹන අයනම් මේක මඟ නොහැරිය යුතු බයිස්කෝප් එකක්. සමහරුන්ට මතකද දන්නෙ නැහැ Mr. T ව. අහල පුරුදුත් ඇතිනේද? 1980 ගණන් වල රූපවාහිනියට පැමිණි අතිශයින් ප්රසිද්ධ වුනු The A Team නම් වූ කතා මාලව ආශ්රයෙන් තමයි මේ චිත්රපටිය නිර්මාණය කරල තියෙන්නෙ. ලංකාවේ රූපවාහිනි නාලිකාවක ඒ දවස්වල මේක ගිහින් තියෙනව. ඔය අපේ මාමල තරුණ කාලෙ බලපු එකක්නෙ, මම වැඩි විතර දන්නෙ නැහැ. එතකොට ගෝලයා බච්ච කොල්ලනේ. කොහොමෙන් කොහොමහරි මේ කතා මාලාව අලලා මේ චිත්රපටිය නිර්මාණය වුනා. ඒකත් හොඳයි, නැත්නම් නව පරපුර මේව කොහොම දැනගන්නද?
කතාව ගොඩ නැගෙන්නේ සුපිරි වීරයන් හතර දෙනෙක් වටායි. හතර දෙනාම සූරයෝ.. මේ හතර දෙනා ඇමරිකන් හමුදාවේ අති දක්ෂයන්. Hannibal මෙක්සිකෝවේ අඳුරු ගොඬනැගිල්ලක බල්ලන් විසින් ඝාතනය වීමට යයි. Face පෙට්රල් වලින් නැහැවී ටයර් ගොඩක් මැද සිර වී සිටී. BA තම සොඳුරිය බේරා ගැනීමට මෝටර් කාර්මිකයන් ගොන්නකට හොඳන් නෙලයි. ඒ අතරේ පිස්සු Murdock, වෛද්යවරයෙකු ලෙසින් හැසිරෙමින් සැමදෙනා රවටයි.